අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබේ.
යාපනය ශික්ෂණ රොහලේ පවතින මානව හා භෞතික සම්පත් හිගකම පිළිබදව සෞඛය ඇමතිණිය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සමග සාකච්ජා කර වහාම විසදුම් ලබා දීමට කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ප්‍රමුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර ඇත.
Read Moreරෙඩ් ෆාම්ස් ගෙඩි සහිත අතු වලින් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ විහිළුවක් හේතුවෙන් පන්නිපිටිය පාසලක සිසු සිසුවියන් දහසය දෙනෙකු රෝගී වී අද (16) දහවල් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි
Read Moreකොවිඩ් හේතුවෙන් වසා තිබූ පාසල්, සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.
Read More‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ සති තුනකට වරක් අලුත් ඖෂධයක් ලංකාවේ නිපදවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නිපදවූ ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණි.
Read Moreරස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබුණහොත් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින විශාල පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිය හැකි බවත්දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බොහෝ පිරිසක් රඳවා තබාගැනීමට සිදුව තිබෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහනුවර දී පැවසිය
Read Moreගිරිතලේ වැවේ මාලු ඇල්ලිමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් සිටියදි අද (16) හමුවු බව මින්නේරිය පොලිසිය කියයි.
Read Moreප්ලාස්ටික් ආවරණ තුනක බහාලන ලද ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 05කට ආසන්න ප්‍රමාණයක්, මිලි මීටර 81 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 07ක්, වර්ගය හඳුනාගැනීමට නොහැකි ෆියුස් 15ක ප්‍රමාණයක්, එක්ස්පෙලින් චාජර් 118ක ප්‍රමාණයක්, ක්ලේමෝ බෝම්බයක්, වර්ගය හඳුනාගත නොහැකි කිලෝ 08ක් බරැති බෝම්බයක කොටසක් සහ විදුලි ඩෙටනේටරයක් සොයා ගැනීමට මෙහිදී නාවික හමුදාව සමත්විය.
Read More2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජපානයේ නව අග්‍රාමාතය ලෙස තේරී පත්වූ යොෂිහිඩේ සුගා මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreකළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී ගෙල සිර කර ගැනිමෙන් අද 16 අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි .
Read Moreඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. ZuhairM.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (අද16) පැවැත්විණි.
Read Moreපේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට දෙවැනි වර්ෂයේ සිසුන් නවක වදය දෙන බවට ලද පැමිණිලි මත දෙවැනි වසරේ සිසුන්ට එම පීඨ භූමිය තහනම් කලාපයක් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අද (16දා) තීරණය කළේය.
Read Moreකොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය 100% ක සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreයාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ වැසියෙකු විසින් ඉඩමේ වලක් හෑරීමට ගත් උත්සහයකදී පැරණි භූගත බංකරයක් තිබී ඊයේ (15) දින හමු වී ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.
Read Moreදේශීය ලොකු ලූනු සහ එළවළු සඳහා දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ මේ දිනවල ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන බව ගොවීහු පවසති.
Read Moreසබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයුරෝපයේ ප්‍රධානතම රටවලට සාපේක්ෂව දෛනික කොවිඩ් ආසාදිතයන් හා මරණ අඩුම රට හා කොවිඩ් වසංගතය පාලනය වෙමින් තිබෙන රටක් ලෙස ඉතාලිය සාධනිය තැනක පසුවන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 224ක් අද (16) සිය නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreඝාතන හයක් ඇතුලුව දරුණු ඝනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට විදෙස් රටකට පලා ගොස් සිටින දකුනේ පාතාල කණ්ඩායම් නායකයකු වන සුපුන් බුද්ධිකගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි තුනක් හා ජීව පතුරම් පහක් සමග මාතර දික්වැල්ල ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්‍ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරිහු අද (16 ) සමත්වූහ.Anchor
Read Moreරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ නව රජයේ වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික අංශයේ සේවය කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ උපාධිධාරී තරුණ තරුණියන් පිරිසක් අද (16දා) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
Read Moreඉතාලියේ කොමෝ නගරයේ පිහිටි දේවස්ථානයක් අසලදි නිතිවිරෝධි ටියුනිස් ජාතික සංක්‍රමණිකයෙකුගේ පිහි පහරකින් ඉතාලි ජාතික කතෝලික පියෙතුමෙකු මියගොස් තිබේ.
Read Moreගිණිකොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ මහතා ඊයේ (15දා) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගෙන තිබේ.
Read Moreදැනට බන්ධනගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ සමිපතමයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදී පියවරුන් සිටිය ද 20 වන සංශෝධනයට එවැනි පියවරුන් නොමැති බවත් 20 වැනි සංශෝධනය නීති කෙටුම්පත් අංශය විසින් කෙටුම්පත් කරන ලද්දක් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreරත්නපුර අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරම්පිටියේදී ත්‍රි රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජිවිතක්ෂයට පතව තිබේ.
Read Moreබලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කෑගල්ලේ සිට කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read More