සේවිකාවන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නාරම්මල ප්රදේශයේ පවත්වාගෙන යන ප්රසිද්ධ ඇඟළුම් කම්හලක් අද (14) දිනයේ සිට තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
නාරම්මල, දුම්මලසූරිය සහ කටුපොත ප්රදේශ වල සිට එහි සේවයට පැමිණෙන පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව සිටින බව වාර්තාවේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ මවකගෙන් එහි සේවය කරන තරුණියකට වෛරසය ආසාදනය වී එම කම්හල තුළ වෛරසය පැතිර යන්නට ඇති බවට සැක කරයි.
ප්රථමයෙන්ම ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම කම්හලේ එක් නිෂ්පාදන අංශයක් වසා දැමුවද පසුව කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් ආසාදිත සේවිකාවන් සිවු දෙනෙකු නැවත හමු වීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස සම්පූර්ණ කර්මාන්ත ශාලාවම වසා දැමීමට පියවර ගෙන තිබේ.
ගීතාංජලී ප්රියදර්ශනී