’’2015 – 2019 වසර 05 ඇතුලත ජාතික විදුලිබල පද්ධතියට එකතුවෙලා තිබෙන්නේ මෙගාවොට් 300 ක් පමණයි. නමුත් වසරකට විදුලි ඉල්ලුම 6% කින් වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරියේදී රට මුහුණ දෙන ගැටළු වලක්වන්න බැහැ. ඇයි අපට එහෙම වෙලා තිබෙන්නේ?.
හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමට උත්සාහ රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරින් අද 18 දින අලුයම සමත් වි තිබේ .
Read Moreකොවිඩ් 19 එරෙහි තරඟය ඉතා අසීරු හා අමාරු එකක් වුනත් ඉතාලිය එයට හොදින් මුහුණදෙමින් සිටින බැවින් එය ජයගත හැකි බවසෞඛ්‍ය ඇමති රොබැර්තො ස්පෙරන්සා මහතා ඊයේ (17) පාර්ලිමේතුවේදි පැවසීය
Read Moreඅද (18) දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
Read Moreඅද (18) දිනය වන විට පුද්ගලයින් 42,582 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව කෝවිඩ් වැළැක්විමේ මධයස්ථානය සඳහන් කරයි.
Read Moreපවතින මත්කුඩු හිගය නිසා මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට මත්කුඩු වෙනුවට වේදනා නාශක පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත කාන්තාවක සහ තරුණයෙකු වූ දඹුල්ල නගරයේ දී ඊයේ 17 දින දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය පවසන්නේ, වෛරසය අඛණ්ඩව සංසරණය වීමත් සමග තත්ත්වය ඉක්මනින් වෙනස් වී, රෝගීන් කළමනාකරණය කළ හැකි මට්ටමක තබා ගැනීමේ හැකියාව අහිමි වී යා හැකි බවය.
Read Moreරජය විසින් කොවිඩ්-19 පරීක්ෂාව නොමිලේ ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය පුරා නගරවල පරීක්ෂණ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවෙකුට අයත් කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා අත්පත් කරගත් සැකකරුවන් 05 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපසුගිය අගෝස්තු මුලදී 700කට වැඩි ඉහළ ආසාදන සංඛ්‍යාවක් දක්වා වාර්තා වූ අතර, පසුව දැඩි අගුලු දැමීමේ පියවර හමුවේ ආසාදන ඉලක්කම දෙකක අගය දක්වා පහත වැටුණි.
Read Moreවසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය නැවතත් ආරම්භ කොට විදේශීය වෙළඳපලට සරිලන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
Read Moreදිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 943,500 පසුකර ඇති අතර, ඉදිරියේදී විවෘත කරන්නේ බාර්ද, පාසල්ද යන්න තෝරාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට පවසයි.
Read Moreවිදේශ ගමන් බලපත්‍රය හා රජයට අවශ්‍ය රහස් ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීම වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිට දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිටි බව කියන සාක්කිකරු ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
Read Moreතමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි ජනපති සඳහන් කරයි.
Read More19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ කිසි ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Read Moreඅනුරාධපුර නව නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක ශාඛාවක කලමනාකරු වශයෙන් කටයුතු කල නිලධාරියෙකු අද (17දා) කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනයවු යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රියට පැන දිවි නසාගෙන ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
Read Moreපසුගිය මහ මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයට ලැබුණු මනාප ඡන්ද නැවත ගණනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොවැම්බර් 5නදා අභියාචනාධිකරණය හමුවේ පෙනි සිටින ලෙසද අද නොතිසි නිකුත් කරනු ලැබීය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් නමැත්තාගේ සමීපතම ගෝලයකු වූ පාදාගොඩ ආමි ශිවා නමින් හදුන්වන සැකකාර විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයකු නීති විරෝධි ගිනි අවි ,අත් බෝම්බ ඇතුලු රජයේ ආරක්ෂක හමුදාවට අයත් උපකරණ සමග අද (17) සවස අලුත්ගම පාදාගොඩදී කලුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව කියයි .
Read Moreයහපාලන රජය 19 වන සංශෝධනය ගෙන ආවේ රටට යහපතක් කිරීමේ පරමාර්ථයෙන් නොව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බලතල සීමා කොට රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කර ගැනීමට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3174 දක්වා ඉහළ ගෝ තිබේ.
Read Moreසියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් හෙලමුල්ල ප්‍රදේශයේ වනඅලින් පැනවිම සදහා ගිය වනජිවි නිලධාරියෙක් වනඅලි ප්‍රහාරයකට ලක් විමෙන් මිය ගොස් ඇත.
Read Moreමෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරු වලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ච්ජාවකදී පැවසිණි.
Read Moreයාපනය දිස්ත්‍රික්ක කාර්යාලයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකාර්මාන්ත පිබිදීම නැමති සාකච්ඡාවක් පවත්වන ලදි. මෙහිදී කෙසෙල්, ලොකු ලූණු, පොඩි ලූණූ, උළුදු හා කජු වැනි භෝග වර්ග වලට ස්වාභාවික ආපදා වලින් හානි සිදු වු විට වන්දි ලබා දීමට රජය තීරනය කර ඇති බවත් මේ පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් සිදු කර ඇති බවත් එම ඉල්ලීම පිළිගත් කැබිනට් මණ්ඩලය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින
Read Moreතේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු (17) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය පැවසිය.
Read Moreසෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී.
Read Moreබුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 174 දෙනෙකු අද (17) පි.සි.ආර්. පරික්ෂණවලට යොමු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreග්‍රීක ජාතිකයෙකු වන ’නිව් ඩයමන්ඩ්’ හි කපිතාන්වරයාට සැප්තැම්බර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඉදිරි පියවර සලකා බැලිම සඳහා ලබන 29 වනදා කැඳවිමට කොළඹ මහාධිකරණය නියම කළේය.
Read More