saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 8015 hours ago

LATEST

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 14 වැනි බෞද්ධ සාහිත්‍ය උත්සවයට අගමැති එක්වෙයි

calendar_today 2020 සැප් 15 - 20:00 remove_red_eye - 271  

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කළ බෞද්ධ සාහිත්‍ය උත්සවය සඳහා අද 2020.09.15 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්විය.

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කණගාටුදායක තත්ත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී මීට වසර 08 කට පෙර පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල ප‍්‍රදේශයේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (15) පැවසීය.

Read More

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියමින් රහස් පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ඉල්ලා අස් කරගත්තේය.

Read More

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන යහපාලන රජයට බලකරමින් ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය සිය ඇසකට හානීවී සදාකාලික අන්ධභාවයට පත් වීමට තමන්ට රු. කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවකු විසින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන මැයි මස 4 සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කළේය.

Read More

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

කැළි කසල ගැටළුවට විද්‍යාත්මක මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වශයෙන් පුත්තලම අරුවක්කාළු සනීපාරක්ෂක කසල රඳවනයෙහි කටයුතු ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙසින් කඩිනම් කෙරේ.

Read More

රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන්ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත්ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහිදී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3266 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (15) පැවති සාකච්ජාවක දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

Read More

පළාත් සභා අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 11 දා පැවැති සාකච්ඡාවකදී සඳහන් කළ බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති මගින් ලබාදෙන ජලය සියයට 78ක ප්‍රමාණයක් අපිරිසිදු තත්ත්වයේ ඇති බව අද 15දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සමඟ ඒක්ව හෙරෝයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ චමින්ද දයා මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය යනු රටට සේවයක් කළ පක්ෂයක් බවත් සියලු දෙනා එකතු කර ගනිමින් පක්ෂය ශක්තිමත් කිරීම බලාපොරොත්තුව බවත් එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු පුද්ගලයින් අට දෙනෙකු ලග්ගල හත්තොටඅමුණ ලේල් ඔය ප්‍රදේශයේ මුදලට සුදු ක්‍රිඩාවේ යෙදි සිටිමින් සිටයදි අද (15දා) අලුයම 2.330ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3263 දක්වා ඉහල ගොස් ඇත.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

Read More

කොරෝනා උවදුර නිසා සිය රැකියාව කර ගැනීමට නොහැකිව අසරණ තත්වයට පත් වී සිටින ධීවර ජනතාවට ස්වයං රැකියා කර ගැනීම සඳහා සහන පොලියට බැංකු ණය ලබා දීමට කටයුතු කළ හැකි බවත් එවැනි බැංකු ණය ලබා ගැනීමට කැමති අය සදහා විසඳුමක් ලබා දීමට රජය සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.

Read More

දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අග්‍රමාත්‍යතුමාට භාර දිම සිදුව තිබේ.

Read More

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත්, ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය. ඒ අනුව, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සෞඛ්‍ය නිර්දේශ අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දන්වා තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කාර්යාල ප්‍රවාහනය සදහා මාර්ග බලපත්‍ර ලබාගෙන සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමේ බස්රථ වැටලීමේ මෙහෙයුමකදී,, ගමනාන්ත පුවරු ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ බස්රථ තිස් දෙකක ගමනාන්ත පුවරු ඉවත් කොට, එක් බස් රථයක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද පැවසීය.

Read More

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තාව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා වෙත, එම කමිටුවේ සභාපති ප්‍රදීප් නියදඬුපොළ මහතා විසින් කාර්යාංශයේ දී භාර දෙන ලදී.

Read More

සබරගමුව ,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පෙරහුරු කාලසීමාවෙන් අනතුරුව මංතීරු නීතිය උල්ලංඝනය රියදුරන්ට රුපියල් 2000ක දඬයක් අයකරන බව පොලීසිය සඳහන් කරයි.

Read More

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු නොතෙසි අනුව ශ්‍රී ලංකා යුධ හමුවේ 58 වෙනි බලසේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඇතුළු එම බලසේනාවේ යුධ හමුදා නිලධාරින් රැසක් අද (15දා) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටිහ.

Read More

රට ඉදිරියටත් කොවිඩ් වෛරසයක් ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යාමටත්, ජනතාවට වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබද දැනුම සහ උපදෙස් ලබාදීමටත් ’’නව ජීවන රටාවක් උදෙසා’’ (Towards a New Normal) යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රචාරත්මක වැඩසටහන ඊයේ දින (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදි.

Read More

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සාහ ගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල්, රථවාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුවද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීතිවිරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

Read More

මධ්‍යම අධිවේගයේ පළමු අදියර ලෙසින් මෙම කොටස ක්‍රියාත්මක වෙයි. චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 989ක සහන ණයක් යටතේ මෙම ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

Read More

හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදින් ප්‍රකාශ ලබාදිම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.