දකුණු පළාතින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළට
අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
නව ආසාදිතයින් 43දෙනා ඊයේ (26) දිනය තුළ වාර්තා වී තිබිණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467ක් ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 297ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 71ක් දක්වා ද ඉහල ගොස් තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අලුතින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 20කි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 12දෙනකු සහ බෝපෙ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් හතරදෙනකු සහ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් දෙදෙනකු වාර්තා වී තිබේ. රත්ගම හාබලපිටිය කොට්ඨාස වලින් ද එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත
මාතර දිස්ත්‍රික්කයෙන් ද අලුතින් ආසාදියින් 20ක් වාර්තා වී තිබුණු අතර ඔවුන් 20 දෙනාම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 03දෙනකු අලුතින් වාර්තා වී තිබුණු අතර ඔවුන් තංගල්ල, අගුණුකොලපැළැස්ස හා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තා වී තිබේ.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
