ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් හෙට (28) ආරම්භ කිරිමට නියමිතව තිබු වෘත්තිය ක්‍රියමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා අද දහවල් (27) ප්‍රකාශ කළේය.
ගාල්ල නගරසභාව තුල ස්ථාපිතකොට තිබු සෞඛ්‍ය අංශය ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක අද (27) ස්ථාපිත කිරිමට කටයුතු කළ බවත් ඒ සදහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැපයිමට ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා විසින් පියවරගෙන තිබු බව සදහන් කළ වෛද්‍ය මංජුලද සොයිසා මහතා කෙරෝනා වසංගතය නිසා අපහසුතාවය පත්වන ජනතාව ගැන සිතා තාවකාලිකව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවිමට තිරණය කළ බවද හෙතෙම පවසයි.
ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ටම් සිල්වා මහතා බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්දයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ලිඛිතව සමාව ඉල්ලා සිටියයුතු බව පවසමින් හෙට දින (28) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට මිටපෙර තින්දුකොට තිබුණි..
රජයේ නිලධාරින්ගේ වෘත්තිය ගරුත්වයට හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටළුකාරි තත්වය නිසා උප නගරාධිපතිවරයා නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් සමාවගතයුතු බවදකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්විමේ දි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල ශාඛාව ඉල්ලිමක් කොට තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මව් ශාඛාවද සමග ද සාකච්ඡාකොට මෙම තිරණය ගත් බවද හෙතෙම පවසයි.
කෙසේවුවද ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද හෙට (28) දින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශඛාවේ සියලුම ශාඛා සංගම්, සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන විශේෂ සාකච්ඡාවේදි තිරණයක් ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.