saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 8011 hours ago

LATEST

20 ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළේ නෑ - සී.බී

calendar_today 2020 සැප් 16 - 21:15 remove_red_eye - 357  

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.

නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අගමැති හමුවෙති.

Read More

දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවයක් මත අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Read More

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අරුවක්කාලූ කසළ අංගනයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ප‍්‍රකාශ කලේ, කැළි කසල අර්බුදයට විද්‍යාත්මක, පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාවය කාලයක් තිස්සේ පැවතුණු අතර මෙම ක‍්‍රියාවලියට මුලින්ම අවධානය යොමු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කරන කාලයේ බවයි.

Read More

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ලැබේ.

Read More

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය.

Read More

දින කිහිපයක් පෙරහුරුවක් වශයෙන් ක්‍රියාත්මක කළ මංතීරු නීතිය හෙට දිනයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දී තිබූ අඳුරු සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදය දැන් අවසන් බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඔවුන් ඉතාමත් පැහැබර, දීප්තිමත් අනාගතයකට රැගෙන යෑම රජයේ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

Read More

2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට දඩුවම් නියම කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති අභියාචනය සම්බන්ධයෙන් පිළිතුරු දේශණ ලබන 24 සහ 30 දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද 16 දින නියම කළේය.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (15දා) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් එහි සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ සාරණ කරුණාරත්න මහතා පවසයි.

Read More

පෞද්ගලික හේතූවක් බව දැනුම් දෙමින් නවාස් මහතා එම නඩු විභාගයෙන් ඉවත් වු අතර නවාස් මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 20 වැනිදා මෙම නඩුව කැඳවීමටද නියම කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ කටුනායක සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

Read More

දිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලීසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් අද (16දා) දින සමත්විය.

Read More

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබේ.

Read More

යාපනය ශික්ෂණ රොහලේ පවතින මානව හා භෞතික සම්පත් හිගකම පිළිබදව සෞඛය ඇමතිණිය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සමග සාකච්ජා කර වහාම විසදුම් ලබා දීමට කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ප්‍රමුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර ඇත.

Read More

රෙඩ් ෆාම්ස් ගෙඩි සහිත අතු වලින් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ විහිළුවක් හේතුවෙන් පන්නිපිටිය පාසලක සිසු සිසුවියන් දහසය දෙනෙකු රෝගී වී අද (16) දහවල් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි

Read More

කොවිඩ් හේතුවෙන් වසා තිබූ පාසල්, සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.

Read More

‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ සති තුනකට වරක් අලුත් ඖෂධයක් ලංකාවේ නිපදවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නිපදවූ ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණි.

Read More

රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබුණහොත් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින විශාල පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිය හැකි බවත්දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බොහෝ පිරිසක් රඳවා තබාගැනීමට සිදුව තිබෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහනුවර දී පැවසිය

Read More

ගිරිතලේ වැවේ මාලු ඇල්ලිමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් සිටියදි අද (16) හමුවු බව මින්නේරිය පොලිසිය කියයි.

Read More

ප්ලාස්ටික් ආවරණ තුනක බහාලන ලද ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 05කට ආසන්න ප්‍රමාණයක්, මිලි මීටර 81 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 07ක්, වර්ගය හඳුනාගැනීමට නොහැකි ෆියුස් 15ක ප්‍රමාණයක්, එක්ස්පෙලින් චාජර් 118ක ප්‍රමාණයක්, ක්ලේමෝ බෝම්බයක්, වර්ගය හඳුනාගත නොහැකි කිලෝ 08ක් බරැති බෝම්බයක කොටසක් සහ විදුලි ඩෙටනේටරයක් සොයා ගැනීමට මෙහිදී නාවික හමුදාව සමත්විය.

Read More

2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජපානයේ නව අග්‍රාමාතය ලෙස තේරී පත්වූ යොෂිහිඩේ සුගා මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

කළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී ගෙල සිර කර ගැනිමෙන් අද 16 අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි .

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. ZuhairM.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (අද16) පැවැත්විණි.

Read More

පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට දෙවැනි වර්ෂයේ සිසුන් නවක වදය දෙන බවට ලද පැමිණිලි මත දෙවැනි වසරේ සිසුන්ට එම පීඨ භූමිය තහනම් කලාපයක් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අද (16දා) තීරණය කළේය.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය 100% ක සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.