ඊයේ (14) ඉතාලියේ PCR පරික්ෂණ 45,309ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1008 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ.
Read Moreඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreරත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කෙරේ. ඒ සඳහා දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඋයිලන්කුලම, පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ සිදුකළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද (15දා) දින ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
Read Moreවසර දහසයක් පුරාවට දකුණු පළාතේ අති දුෂ්කර පාසලක දූ දරුවන්ට රජයෙන් කිසිම වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙකු පිළිබඳ ව මාතර,දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.
Read Moreදළ දේශීය නිෂ්පාදිතයේ 0.7%ක පහත වැටීමක් ඔවුන් පුරෝකථනය කරන්නේ, මීට පෙර 0.1%ක වර්ධනයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ජුනි මාසයේදී කරන ලද ඇස්තමේන්තුව වෙනස් කරමිනි.
Read Moreමෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අඩෙයිලේ පැවසීය.
Read Moreඅවසන් මොහොතේ හෝ බ්‍රසීල නායකයා එරට වෛරසය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreපෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයෙකු තීන්දු කළේ, ’’ජාතික අර්බුදයකට විසඳුම කිසිවිටෙකත් ඇමෙරිකානු ඉතිහාසයේ පදනම ලෙස පවතින පුද්ගල නිදහස සඳහා වූ කැපවීම අභිභවා යාමට ඉඩ දිය නොහැකියි.’’ යනුවෙනි.
Read Moreචීන මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ආසාදිතයන් දෙදෙනා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චිනයට ඇතුළු වී ඇති අතර, ඔවුන් තවත් පස් දෙනෙකු සමග රෝහලක නිරෝධායනයට ලක්කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 926,300ක් පසුකර ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස වඩාත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානියා පවසයි.
Read Moreකුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සම් ලබන නොවැම්බර් මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නේය.
Read Moreවසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.
Read Moreපන්නිපිටිය දෙපානම අරලිය උයන ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සැකකටයුතු ලෙස රියදුරු අසුන මත මිය ගොස් සිටියදී අද 14 හමුවූ බව මහරගම පොලිසිය කියයි .
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනිමට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා හෙට (15) ඉදිරිපත් කරන බව නීතීපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3253ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 170 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සහයෝගය මත සිදු කළැයි කියන මෙරට කුඩු ජාවාරමේ මහමොළකරු වන ඩුබායි රටේ ජීවත්වෙන පාතාල අපරාධකරුවකු වන උදාර සම්පත් නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.කේ. කාහිංගල මහත්මිය ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන තෝරාගෙන තිබේ.
Read Moreදේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා අද ( 14 ) දින පැවසිය .
Read Moreකොළඹ බන්ධනාගාර සඳහා CCTV පද්ධතියක් වසර අවසාන වීමට පෙර සවි කරන බව බනධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
Read Moreරියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read Moreදකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (14) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.
Read Moreබෞද්ධ දර්ශනය චිවරධාරින්ගෙන් බේරාගැනිම සදහා කල යුතු සියලූ දේ කරන බව හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 13ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදුවු වන සංහාරය පිළිබදව සොයා බැලිම සදහා වනජීවි වන සංරක්ෂණ ඇමති පැමිනි රැස්විම මාධ්‍යවේදින්ට තහනම් විම නිසා රැස්විම පැවති වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වි සිටිමට සිදුවිය.
Read Moreගම්පහ දිවුලපිටිය රෝහල අසළ පිහිටි බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇති බත් එහි වරදකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read More