එන්නත වෙනස්බවක් දැනුනේ නැහැ - ඇමෙරිකාවේ මුලින්ම එන්නත ලබාගත් හෙදිය කියයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන ඊයේ (14දා) එරට ප්‍රාන්ත රැසකදී ආරම්භ වූ අතර, මුලින්ම එන්නත ලබාගත් පිරිස අතර ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විය.
ඒ අනුව නිව්යෝක් හි දැඩිසත්කාර ඒකකයක හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ මෙම ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ඇමෙරිකාව පුරා පළමු මාත්‍රාව ලබාගන්නා අයෙකු බවට පත්විය.
ලෝන්ග් අයිලන්ඩ් යුදෙව් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේට සඳුදා උදෑසන 9.20 ට පමණ ඇයට නියමිත පළමු එන්නත් මත්‍රාව ලබාගෙන තිබුණි.
එම එන්නත ලබාගැනීමේදී වෙනත් එන්නතකට වඩා වෙනස් බවක් දැනුනේ නැතැයි ඇය කීවාය.
"මම බොහොම හොඳින්. මම සියලු ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ මගේ සියලු සගයන්ට ස්තූති කිරීමට කැමතියි, ලොව පුරා මෙම වසංගතය අතරතුර ඔවුන්ගේ කාර්යය නොපිරිහෙලා ඉටුකිරීම ගැන" ඇය කිව්වා.
"මට අද බලාපොරොත්තුවක්, සහනයක් දැනෙනවා. මෙය ඉතා වේදනාකාරී කාලයක අවසානය සනිටුහන් කරන්නක් බව මා විශ්වාස කරනවා." දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ එන්නත ලබාගැනීමෙන් පසුව කියා සිටියාය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

