saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7925 hours ago

LATEST

සියලුම බෞද්ධ දහම් පාසල් සඳහා නිවාඩු

calendar_today 2020 ඔක් 05 - 15:24 remove_red_eye - 384  

කොවිඩ් 19 වසංගතය නත්ත්වය හමුවේ සියලු පාසල්වල දෙවැනි වාර නිවාඩුව කලින් ආරම්භ කිරීමත් සමග සියලුම බෞද්ධ දහම් පාසල්ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග පූර්ණ සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින් ගණන 3259 දක්වා ඉහල ගොස් ඇත.

Read More

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (6) සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබු රාජ්‍ය භාෂා ප්‍රවිණතා වාචික පරික්ෂණය පවතින තත්ත්වය මත දින නියමයක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධිර මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිමකදි මුදල් වංචාවලට සම්බන්ධ 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙවර පැවැත්විමට නියමිත උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අවසන් තිරණය අද හෝ හෙට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර ඇත.

Read More

දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්කුරු නිෂ්පාදකයින්ගේ පාර්ශ්වය සහ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ආයතනයන්හි ප්‍රධානීන් එක් කරගනිමින් විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැත්වීය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි සාමාජිකයන් 69කට කොවිඩ් ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

Read More

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

රෝහල්වලට පැමිණීම සීමා කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ජනතාව වෙත දැනුම්දීමක් කර සිටී.

Read More

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව පවතින දුෂ්ඨතම ව්‍යවස්ථා ප්‍රතිපාදනය යැයි අපි උපකල්පනය කළත්, එම සංශෝධනය සම්මත නොකළා නම් ඔබතුමාට කිසිදු දිනක ජනාධිපති හෝ ජනාධිපති අපේක්ෂකයා වීමටවත් වරම් නොලැබෙන බව මට වඩා හොඳින් ඔබතුමා ද හෘද සාක්ෂියට අනුව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි.

Read More

යාපනය මහනුවර ඒ -9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී මාර්ගය දෙපස වූ ප්‍රදේශයට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් වාහන ගමනාගමනයටද බාධා සිදුවිය.

Read More

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාරට අතිරේක ඇපයක් මත කොළඹ මහාධිකරණය ඇප ලබාදි තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න නිවා දැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවූ රුපියල් මිලියන 442ක මුදල එම නෞකාව හිමි සමාගම විසින් රජයට ගෙවා තිබේ.

Read More

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවි තිබේ.

Read More

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියේ පළමු වතාවටය.

Read More

ඉදිරියේදී ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් විදුලිය ලබාදීමට අදහස් කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

’’නව ලිබරල්වාදයේ මූලධර්මය විශ්වාස කරන ලෙස අපෙන් කොතරම් ඉල්ලා සිටියත්, නිදහස් වෙළෙඳ පොළට සෑම ගැටලුවක්ම විසඳිය නොහැකියි’’ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කරයි.

Read More

ඔහුගේ එම හැසිරීමෙන් අතිශය ඉහළ බෝවීමේ හැකියාවකින් යුතු හා මාරාන්තික රෝගයක බරපතලකම වටහාගෙන ඇති බවක් නොපෙන්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

කොරෝනා අවදානමක් යළි මතුව ඇති නිසා දකුණු පළාතේ උත්සව වැනි කටයුතු සිමාකරගෙන මහජන සංචරණ කටයුතු වැඩිනොවන අයුරින් දෛනික කටයුතු පවත්වාගෙන යාමට තිරණය කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා අද (05) පැවසිය.

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් මුඛ ආවරණය සමච්චලයට ලක්කළ කොවිඩ්මෝඩයෙකු නොවී, ඔබත් මුඛ ආවරණ පැලඳ ඔබේත්, ඔබ අවට සිටින අයගේත් සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගන්න.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,000,000ක සීමාව පසුකර ඇති අතර, වෛරසය ආසාදිත ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රථයක නැගී රෝහල ඉදිරිපිට සිටි ජනතාවට ආචාරය කරයි.

Read More

ප්‍රදේශ තුනකට ඊයේ (04දා) සිට ක්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 10ක් අත්ඩංගුවට ගෙන තිබේ.

Read More

පෞරාණික වටිනාකමික් යුත් නිල් මැණිකකින් නිර්මිත අඟල් 02ක් පමණ වූ බුදු පිළිමයක් රුපියල් බිලියන 6කට විකිණීම සඳහා සූදානම් කර තිබියදී සැකකරුවන් සිවු දෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරු 6.00 වන විට පවතින තත්ත්වය.

Read More

දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් පිරිසකගේ පී. සී.ආර්. පරීක්ෂණ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී අද (04දා) සිදු කළ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම් .ෆරිඩ් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.