දකුණේ කොවිඩ් ආසාදති රෝගින් සංඛයාව 2000 ඉක්මවයි
දකුණු පළාතෙන් ඊයේ (20) දිනය තුල අලුතෙන් කොරෝනා ආසාදිත රෝගින් 99 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2002 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (20) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 44 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ අනුව දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් 1100 දෙනෙකු වාර්තා වි ඇත. අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රොගින් 08 දෙනෙකු බද්දේගමින් 01ක් රොගියකු, ඇල්පිටියෙන් එක් රෝගියකු, ගාල්ලමහනගර සභා බල ප්‍රදේශයෙන් රෝගින් 10 නෙකු, ගොනපිනුවලින් 01 රෝගියකු හබරාදුවෙන් රෝගින් 10 දෙනෙකු, ඉමදුවෙන් රෝගින්03නෙකු, නෙළුව හා නියාගම යන ප්‍රදේශවලින් රෝගින් එක් අයෙකු බැගින් හා තවලමින් රෝගින් 08 දෙනෙකු වාර්තා වි තිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත රෝගින් 1100 643 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව කොවිඩ් ආසාදිත රෝගින් 50 දෙනෙකු වාර්තා වි ඇත. අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින්23 නෙකු, දික්වැල්ලෙන් රෝගින් 07 දෙනෙකු, මාලිම්බඩ මාතරමහනගර සභාව හා කැකුණදුර යන කොට්ඨාශවලින් රෝගින් 01 අයෙකු බැගින් වාර්තා වි තිබේ. මොරවකින් රෝගින් 07 දෙනෙකු, තිහගොඩින් 01 රෝගියකු හා වැලිගමින් රෝගින් 09 දෙනෙකු වාර්තා වි ඇත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මුළු රෝගින් සංඛ්‍යාව 698 දෙනෙකි. ඉන් රෝගින් 399 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව කොවිඩ් ආසාදිත රෝගින් 05 දෙනෙකු වාර්තා වි ඇත. ඒ අමබලන්තොටින් රෝගින් 02නෙකු, හම්බන්තොටින් රෝගින් 02නෙකු තිස්සමහාරාමයෙන් 01 රෝගියකු වශයෙනි. මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින්204 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් රෝගින් 116 දෙනෙකු සුවය ලබා ඇත.ඒ අනුව දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් අතුරින් සුවය ලබා ඇති රෝගින් සංඛ්‍යාව 1158කි.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 2111කට අයත් පුද්ගලයින් 5247 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 962කට අයත් පුද්ගලයින් 2289 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 681කට අයත් පුද්ගලයින් 2190 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්468ට අයත් පුද්ගලයින් 768 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. මේ අතර දකුණු පළාත තුල මේ දක්වා කාලය තුල පුද්ගලයින් 75 862 නෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.
ජිනේෂ් නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

