saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7943 hours ago

LATEST

නැගෙනහිර පළාතේ සියළු උපකාරක පන්ති තහනම් වෙයි

calendar_today 2020 ඔක් 07 - 14:56 remove_red_eye - 309  

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර සිටියි.

අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබේ. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව පැවසෙයි.

Read More

බ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව සේවය කල ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතිබව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පැවසීය .

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි

Read More

පොලිස් නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ජා-ඇල හා කඳාණ පොලිස් වසම් දෙකෙන් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තා වු බව පොලිසිය පවසයි. ඒ අනුව වැලිගම්පිටිය, කපුවත්ත, නාගොඩ, හපුගොඩ, පාතිමා මාවත, පොල්පිතිමුකලාන, නිවාසිපුර යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී තිබිණි. කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි ආසාදිතයින් හය දෙනකු ඒ අනුව වාර්තා වී තිබේ.

Read More

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රඹුක්කන රෝහලේ වෙනමම මධ්‍යස්ථානයක් සකස් කර තිබේ.

Read More

හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල මහජනතාවට දන්වයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය

Read More

සීදූව පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝදායන ඇඳිරි නීතිය පනවා ඇත.

Read More

“පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. මම බාප්පගේ දානේ ගෙදරට ගිහින් ආවේ. මම පරීක්ෂණයක් කරලා වාර්තාව එවන්නම්. අපි මිනිස්සු ගාවට යන්නේ. 224ටම පරික්ෂණයක් කරන්න”

Read More

සමාජ මාධ්‍ය ඉල්ලූ පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් සංඛ්‍යාව 112ක් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 07දා පැවසුවාය.

Read More

බැන්ඩික්ස් පොකුරට සම්බන්ධව ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.

Read More

ගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පවසයි

Read More

ඉතාලියේ ජීවත් වන ලාංකික පාසැල් සිසුවියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉතාලියේ වෙරොනා නුවරින් වාර්තා වේ.

Read More

ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි. ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව සදහන් වේ.

Read More

පොලිස් ආරංචි මාර්ගවලින් පැවසුනේ පැන ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වුවකු බවයි. එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමෙ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් බවට හඳුනාගත් දෙදෙනකු සමග සමීප සබඳතා පැවැත්වූ පවුල් 47 සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය

Read More

කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.

Read More

කොළඹ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවට කොරෝනා ආසාදනය විම හේතුවෙන් කොළම නගර සභාවේ සේවකයන් 250කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Read More

කෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ (06දා) රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කළේය.

Read More

’’ඉතාලිය හා ජර්මනිය යුරෝපා සංගමය තුළ දෙවැනි රැල්ල වඩා හොඳින් මෙතෙක් පාලනය කරගෙන සිටියත්, වසංගතයට කිසිදු ඉඩක් ලබා නොදීමට අප කටයුතු කළ යුතුයි.’’ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා කියයි.

Read More

ඇඳිරි නීතිය පනවා ඇති වේයන්ගොඩ මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත් සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එළිමහනක සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට වෛද්‍ය ෆවුසි සෑම කෙනෙකුටම උනන්දු කළේය.

Read More

වරකාපොළ හල්ලවින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට අදාළව මෙම ආසාදිතයා වාර්තා වී තිබේ.

Read More
අද කාලගුණය
7 10 2020 08:01:00
0 285

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ තුළ පවතින දුම්රිය ස්ථානවල මගීන් නංවා ගැනීම, බැස්සවීම හා දුම්රිය නැවැත්වීම සිදු නොකරන බව පොලීසිය පවසයි.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (7) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.