saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8487 hours ago

LATEST

ත්‍රිත්ව විදුහල් නිල නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් 13දෙනෙක්

calendar_today 2020 දෙසැ 13 - 09:32 remove_red_eye - 985  

මහනුවර ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොවිඩ් වෛරස් ආසාදිතයින් 13 දෙනෙකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි .

දේශගුණික අභියෝගයට මුහුණදීමේදී කිසිවෙකුවත් පැත්තකට වී හෝ ඒකපාර්ශ්වීය ලෙස කටයුතු කිරීමෙන් ලෝකයට කිසිවක් නොලැබෙන බව 2015 පැරිස් දේශගුණික ප්‍රඥප්තියේ පස්වැනි සංවත්සරය සනිටුහන් කළ අතථ්‍ය දේශගුණික සමුළුව අමතමින් චීන නායකයා අවධාරණය කරයි.

Read More

රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ, ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව ෆයිසර් එන්නත සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ඇමෙරිකානුවන් වෙත මෙම උපදෙස් ලබාදී තිබේ. එම මඟපෙන්වීම අතර මුඛ ආවරණයක් පැලඳීම, අන් අයගෙන් අඩි 6ක් දුරස්ථතව සිටීම, සෙනඟ රැස්වුණ තැන් මඟහැරීම සහ නිතර අත් සේදීම ඇතුළත් වේ.

Read More

ලෝකයේ විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 504 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත යළිත් ශ්‍රී ලංකාව වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ තිබුණි .

Read More

පර්යේෂකයන් පවසන්නේ උතුරු ඉතාලියේ SARS-CoV2 වෛරසයේ දිගු කාලීනව මෙතෙක් හඳුනා නොගත් ව්‍යාප්තිය, ලොම්බාර්ඩි හි පළමු කොවිඩ්-19 රැල්ලේ විනාශකාරී බලපෑම සහ වේගවත් ගමන්මග පැහැදිලි කිරීමට උපකාරී වනු ඇති බවය.

Read More

ෆයිසර් සහ බයෝඑන්ටෙක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතෙහි පළමු මාත්‍රාව එක්සත් ජනපදය පුරා බෙදාහැරීම හෙට (14දා) සිට ආරම්භ කරන බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙනරාල් ගුස් පර්නා පවසයි.

Read More

ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර රටේ ඊසානදිග ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර, මීට පෙරද මේ ආකාරයෙන්ම පාසල් සිසුන් හා සිසුවියන් පැහැරගත් අවස්ථා මෙන්ම සිසුවියන් ලිංගික වහලියන් ලෙස යොදාගත් සිද්ධීන්ද වාර්තා විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 8ක් කරා ළඟාවීමට එක්සත් ජනපදයට දින 268ක් ගතවිය. නමුත් දෙවැනි ආසාදිතයන් මිලියන 8 වෙත ළඟාවීමට ගත වී තිබුණේ දින 57ක් පමණි. ඇමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාවට පැමිණ තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,603,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

අද දිනයේදී පෑලියගොඩ කොවිඩ් පොකුරට හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 755ක් වාර්තාවීමත් සමග පෑළියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 28502ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

බුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නම් කරයි. වේයන්ගල්ල ප්‍රදේශයේ පසුගිය දින දෙකක සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ 243ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබන ස්වයං නිරෝධායනයට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්ථා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ ගනේෂ් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

Read More

සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණයන් හැකි තරම් සීමා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සංචරණ සිමා පනවා ඇති අඹගම්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්වොටර් වත්තේ ඉහල සහ පහල කොටසින් ගතවු පැය 24 තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 12 දෙනෙකු හමු වි ඇති බවත් ,එම අසාදිතයින් අතරින් අසාදිතයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව ‍කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී ඇ​ත.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (12 පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවට රුපියල් මිලියන 16 කට අධික වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට බීජිං මහ නගර සභාව කටයුතු කර තිබේ. පුද්ගලික ආරක්ෂක උපකරණ, වෙන්ටිලේටර්ස්, පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් මෙසේ පරිත්‍යාග කර තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් මගීන් 884 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර තවත් ගුවන් මගීන් 495 දෙනෙකු ගත වූ පැය 24 තුළ විදේශ ගත වී තිබුණි .

Read More

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හොංකොං රජය විසින් එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන සිනෝවැක් සහ ෆයිසර් සමග එන්නත් ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ සෑම එකක්ම මාත්‍රා මිලියන 7.5ක් සපයනු ඇති බව ලැම් පැවසීය. එමෙන්ම මිලියන 7.5ක පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබාදෙන බවට පොරොන්දු විය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතියේ කියා සිටියේ, සිනෝෆාම් එන්නත 86%ක කාර්යක්ෂමතාවක් ඇති බවය. එමෙන්ම එරට තුළද සිනෝෆාම් එන්නත ලබාදීම මේ වනවිට සිදුවෙයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ නිවාස යෝජනා ක්‍රම හයක හුදෙකලා කිරීම් අද පෙරවරු 6.00 සිට ඉවත් කර තිබේ.

Read More

විශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත්තේ, ’එන්නත් ජාතිකවාදය’ පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බවටය.

Read More

අගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.