saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8265 hours ago

LATEST

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත ගණන 72ක් දක්වා ඉහළට

calendar_today 2020 දෙසැ 06 - 17:29 remove_red_eye - 180  

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනගාර අධිකාරි කාර්යාලය පවසයි.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු වි ඇති නිසා (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 5 වන විට වෛද්‍යවරුන් 11 ඇතුළු පුද්ගලයන් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් දින දෙකක් තුළ රෝගීන් 100-200ත් අතර ගණනක් වාර්තා වූ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍ය නොවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මහනුවර නගර සීමාවේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව දින තුනක් තුළ දෙගුණයකින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා මගින් තහවුරු වී ඇත.

Read More

ශ්‍රී ලංකාවට හිමි මුහුදු සීමාවේ ඇති මාළු සම්පත වෙනත් රටවලින් පැමිණ රැගෙන යන බවත් සියලුදෙනා එක්ව එය නවතා දැමීමට පියවර ගෙන මුහුද ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තය වඩාත් දියුණු කර ජනතාවට අවශ්‍ය මාළු සැපයීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහනුවර බොගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බවට පී. සී. ආර්. පරික්ෂණ මගින් අද (06දා) තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (06 පෙරවරු 6.00 වන විට) 626 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඒකාබද්ධ වනජීවී නිලධාරීන් හෙට (07දා) දින සිට යළිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 116 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

Read More

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේහෙරගොඩ යාය ප්‍රදේශයේ පුරාවිද්‍යා භුමියේ සකසා තිබූ ගවමඩු හිමිවරු පිරිසක් සහ පුද්ගලයින් පිරිසක් විසින් අද (06දා) කඩා ගිනි තබා විනාශ කර දැමිමට කටයුතු කළේය.

Read More

දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කෙළේය.

Read More

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පහුගිය සෙනසුරාදා (05) පාර්ලිමේන්තුවේදී කීවේ ලබන වසර මුලදී සංචාරකයන්ට රට යලි විවෘත කිරීමටත්, ගුවන්තොටුපල විවෘත කිරීමටත් හැකිවනු ඇති බවයි. විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන්වීම ද අඛණ්ඩව සිදුවන බව ද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

Read More

රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තවත් 10 දෙනෙකු ආසාදිතයින් බව තහවුරුවී ඇති බවත් මේ අනුව එහි ආසාදිතයින් සංඛ්‍යාව 19 දෙනෙකු වන බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.

Read More

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට, ඇයගේ සිව්මස් බිළිඳියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව අද (06දා) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

2015 වර්ෂයට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කළ 156ක පමණ කණ්ඩායමක් පසුගිය රජය විසින් ඉවත් කර තිබූ බවත් එම පිරිස යළිත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගත් බවත් වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More

වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියක් සකසන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගිය 04 වන දින පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

Read More

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී. ඒකනායක මහතා රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

Read More

කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි.

Read More

යාපනය දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර රෝහලේ වාට්ටු කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවට රෝහල් වෛද්‍ය වරුන් පවසති.

Read More

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

රුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයකි. එහිදී මොස්කව් නගරයෙන් පමණක් ආසාදන 7,993ක් වාර්තා විය.

Read More

ස්වීඩන මහ බැංකුව අනතුරු අඟවන්නේ, කොවිඩ් -19 වෛරසයට එරෙහිව ස්වීඩන ජාතිකයින්ට එන්නත් කිරීම ප්‍රමාද වුවහොත් එය ස්වීඩන ආර්ථිකයට විශාල වියදමක් වනු ඇති බවටය.

Read More

’’ඔබ වෛරසය ආසාදනය වී සිටි අයෙකු ලෙස වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා තිබුණත්, ඒ මගින් ඔබට ආරක්ෂාවක් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අප දන්නේ නැහැ. ඒ නිසා එන්නත ලබාගත යුතුයි’’ වෛද්‍ය සංජය ගුප්තා.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 02 ක සහ ඕස්ට්‍රේලියාවේ , ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ජනපති ට්‍රම්ප්, ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අමතා, එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන් ප්‍රාන්තයේ ලැබූ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඒත්තු ගැන්වීමට බලපෑම් කර ඇති බව අනාවරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.