රුසියාවේ කොවිඩ් එන්නත ලබාදීම සායන 70කදී ඇරඹේ
- 6 12 2020
- 09:46
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
රුසියාවේ, මොස්කව් හි කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් සායන 70ක් හරහා ස්පුට්නික් වී කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
මෙම එන්නත ප්‍රථම වරට වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන් සහ සමාජ සේවකයින් වෙත ලබාදෙන බව කියයි.
රුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්රමාණයකි. එහිදී මොස්කව් නගරයෙන් පමණක් ආසාදන 7,993ක් වාර්තා විය.
රුසියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,410,462ක් වන අතර, එරට වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 42,228ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
