මධ්‍යම පළාතෙන් කොරෝනා ආසාදිතයන් 626ක්
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (06 පෙරවරු 6.00 වන විට) 626 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 379 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකුද වාර්තා වී ඇත. දෙසැම්බර් 06 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 42 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 20 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22 ක් වශයෙනි.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණින් වාර්තා වේ. ඒ ආසාදිතයින් 94 කි. මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 68 ක් ද, පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන් 29ක් ලෙස ද වාර්තා වී ඇත.
දුම්බර- එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
