saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8386 hours ago

LATEST

කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සේවා යළි අරඹයි

calendar_today 2021 ජන 05 - 01:03 remove_red_eye - 650  

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය ඊයේ (04දා) දිනයේ සිට විවෘත කර තිබේ.

හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (04) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තෙදින සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (05දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

Read More

යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ව්‍යාප්තිය දිනෙන් දින බැරෑරුම් තත්ත්වයට පත් වෙමින් පවතින බව පළාත් සෞඛ්‍ය වෛද්‍ය අංශ පෙන්වා දෙයි .

Read More

තවත් 565 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ෙඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 දා ජනතා අයිතියට පැවරිණි.

Read More

තිරිගු පිටි බවට ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා කහ කුඩු තොගයක් 01/04 දින උදෑසන ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ලිපි බෙදන්නෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නිසා කුරුවිට ප‍්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09දා තෙක් වසා දැමීමට දැනුම් දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා අද දැනුම් දුන්නේය.

Read More

මෙරට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් පිරිස අද (04දා) දින පොලොන්නරුවේ පුරා විද්‍යා සිද්ධස්ථාන දැක බලා ගැනීමේ සංචාරය අවලංගු කර ඇති බව සංචාරක අමාත්‍යාංශය විසින් දැනුම් දුන් බව පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය පවසයි.

Read More

බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් සඳහන් කර සිටියි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 623 ක් දක්වා (04) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (04දා) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් අද (04දා) සිට හුදෙකලා කළ බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 73ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 2133 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

මාළිගාවත්ත NHS නිවාස යෝජනා ක්‍රමය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තීරණ කර තිබේ.

Read More

ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (02දා) දින ඇතුලත් කළ පුද්ගලයෙකු ඊයේ (03දා) උදෑසන 8.30 ට පමණ එම රෝහලේදීම මියයෑම නිසා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් මිය ගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පළ කරන ලද ප්‍රවෘත්ති වල ප්‍රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය

Read More

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ වැලිපැන්න මුස්ලිම් පාර ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධණය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 57 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවත් , මේ වන විට අලුතින් කොරෝනා ආසාධිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමග වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 26 ක් දක්වා ඉහල ගිය බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 594ක් ගුවන් යානා 9කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද උදෑසන 8.30න් අවසවන් වූ පැය ක කාළය තුළ පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249ක් ගුවන් යානා 6කින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 594 දෙනෙකු ගුවන් යානා 09 කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249 දෙනෙකු ගුවන් යානා 06 කින් මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

විශේෂයෙන්ම මෙම විකල්ප කණ්ඩායම් විසින් වසංගතය පාලනය කිරීමට ගෙනඑන එන්නත්කරණ වැඩසටහන්ද විවේචනය කරන අතර, මෙම එන්නත්වලින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විශාල ලෙස ලාභ ලබන්නේ යැයි වැනි විවිධ කටකතා ඇමෙරිකානු හා යුරෝපා රටවල පැතිර යමින් තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනවලින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ එන්නත් කිරීමේ සැලැස්මේ පළමු අදියර සමස්ත එක්සත් ජනපද ජනගහනය තරම්ම ආවරණය කිරීම එහි දැවැන්තබව මොනවාට කියාපාන්නකි.

Read More

මෙරට ආර්ථිකය නගාසිටුවීමට විදෙස්ගත ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ලැබෙන මාර්ග අතර දෙවැනි ස්ථානය විදෙස්ගත ග්‍රමිකයන්ගේ දායකත්වය බවට පත්ව ඇත්තේ ඒ නිසාය. කෙසේවෙතත් වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකික මෙම පිරිසට මේ වන විට යළි සිය රටට පැමිණීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් අපි හිටපු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සූදානම් වූ බව කියන ගජමුතු සමඟ සැකකරුවකු ඊයේ රාත්‍රී මාතර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.