බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බල ප්‍රදේශයෙන් (09) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 06 දෙනෙකු හමු වු බවත් , ඒ අතර අවු 16 ක පාසල් සිසුවෙකුද සිටින බවත් , එම අසාදිතයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
බගවන්තලාව චැපල්ටන් වතු යායෙන් පාසල් සිසුවා ඇතුළු තවත් අසාදිතයන් තිදෙනෙක් සහ මෝරා සහ ටින්සින් යන වතුවලින් අසාදිතයන් දෙදෙනෙකු හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිත පාසල් සිසුවා ඉතා ආසන්න දින කිහිපයක් පාසලට ගොස් ඇති නිසා එම සිසුවා අධ්‍යාපනය ලබන බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ 11 පන්ති වල ළමුන් 71 දෙනෙකු සහ ගුරුවරුන් 10 දෙනෙකු (09) දින සිට ස්වයං නිරෝධානයට යොමු කල බවත් , එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි කදිරවේල් ජේ ගනේෂ් මහතා කියා සිටියේ.
අසාදිතයන් 06 දෙනාම කොවිඩ් 19 වෛරසය අසාදනය වි බගවන්තලාව ප්‍රදේශයේ මිය ගිය අසාදිතයාගේ ආශ්‍රිතයන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.