saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8159 hours ago

LATEST

වතු කම්කරු වැටුප් වැඩි වීම සිහිනයක්ම වේවිද...?

calendar_today 2020 දෙසැ 30 - 08:00 remove_red_eye - 700  

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක‍් පවතී. රුපියල් 1000 කතාව පවසමින් මෙවරත් වතු ජනතාව මුළා කරන්නේදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටිති.

ගිනිඅවි නිෂ්පාදනාගාරයක් අද (29 ) රාත්‍රියේ වටලා නිෂ්පාදනය නිමා කර තිබූ ගිනි අවියක් , නිෂ්පාදනය වෙමින් තිබූ ගිනි අවියක කොටස් හා ජීව උණ්ඩයක් සමග පුද්ගලයකු බලපිටිය මරදානේදී සැකපිට ප්‍රශ්න කිරීමට අහුන්ගල්ල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

Read More

උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’පෘථිවිය පහසුවෙන් බිඳෙන, වෙනස්වන සුලුයි. අප ජීවත් වන්නේ වඩ වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයකයි. මේ තර්ජන දිගටම පවතිනු ඇති. අද කොරෝනා වෛරසය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපා ඇති අයුරු දකින්න පුළුවන්. නමුත් මෙය අනිවාර්යයෙන්ම ’ලොකුම එක’ නොවෙයි.’’ WHO හි වෛද්‍ය රයන් පවසයි.

Read More

’’මේ සියලු දෙනා අදාළ ප්‍රාන්ත රජයන් විසින් නම් කරන ලද සෞඛ්‍ය සේවා පහසුකම්වල තනි කාමරවල හුදකලාව තබා තිබෙනවා.’’ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

එක්සත් රාජධානියේ නව සහ නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශක කණ්ඩායමේ ඇන්ඩෘ හේවර්ඩ් බීබීසී ගුවන් විදුලියට අදහස් දක්වමින් අනතුරු ඇඟවූයේ, ’’මම හිතන්නේ අපි වසංගතයේ භයානක අවධියකට පිවිසෙමින් සිටිනවා. ජනවාරියේ සහ පෙබරවාරියේදී මහා විනාශයක් වැළැක්වීම සඳහා අපට ඉක්මන්, තීරණාත්මක ජාතික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා’’ යනුවෙනි.

Read More

රටවල් 20 ක සහ ජාත්‍යන්තර සංවිධානවල විදේශ තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත නිපදවෙන ආකාරය දැකබලා ගනී.

Read More

උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස් මෙසේ එන්නත මොඩෙර්නා එන්නත ලබාගත්තේ, එරට ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දී සතියකට පසුව ය.

Read More

’’මේ මොහොතේ, කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි අප දන්නේ නැහැ. ප්‍රධාන කැබිනට් රැස්වීමට පෙර නවතම තොරතුරු අනුව මරණ හතක් ලෙස දැක්වුණා. මේ සංඛ්‍යාව වැඩි විය හැකි බවට අපට යම් ඇඟවීමක් තියෙනවා.’’ ක්‍රොඒෂියා අගමැතිවරයා කියා සිටියේය.

Read More

මෙම වෛරසය හඳුනාගත් තැනැත්තා, කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති කොලරාඩෝ හි පදිංචි වයස අවුරුදු 20 ගණන්වල තරුණයෙකු බව කොලරාඩෝ ආණ්ඩුකාර ජරෙඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,786,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) දහවල් වනවිට අලුතින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ​යක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 195ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇත.

Read More

වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග අද දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි.

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මෙරට දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කිරීමටත්, මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කරගැනීම සඳහාත් මෙම පියවර ගැනෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසක එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සහ කටුගස්තොට පොලීසියේ කොවිඩ් 19 මර්දන ඒකකය පියවර ගනු ලැබ තිබේ.

Read More

කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර ඇති එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192ක් මේ වන විට ඉල්ලා තිබෙන බවත් වෛරස පාලනයේ දී දක්වා තිබෙන ප්‍රගතිය මත එම එන්නත ලබාදීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් හිමි වනු ඇති බව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , යුද හමුදාපති , ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහනුවර දී පැවසීය.

Read More

යුධ හමුදාවෙන් ඉවත්වූ නිළධාරින් පිරිසක් කඩිනමින් බදවා ගෙන විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් විශේෂ පුහුණුවක් ලබාදී විශේෂ කණ්ඩායමක් හැටියට විශේෂ ගණයේ රැදවියන් සිටින බන්ධනාගාර වල බාහිර ආරක්ෂාව සඳහා යොදවන්නට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

Read More

මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසළ ඇති බුදු මැඳුරේ ඉදිපස විදුරුවකට ඊයේ (28දා) අළුයම බිඳ දමා ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගමය කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 1.28ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අද 2020.12.29 දින ප්‍රදානය කළේය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 08 දෙනෙකු (29) දින හමුවු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

(LONG READS) සමාජයේ පුද්ගලයන් විවිධාකාර බවත්, කෙනෙකු පොහොසත් වෙද්දී කෙනෙක් දුප්පත් වගේම, කෙනෙකු නිරෝගී වෙද්දී, කෙනෙකු රෝගී මෙන්ම, කෙනෙකු ඥානවන්ත වෙද්දී, කෙනෙකු අඥාන බවත් අපවත් වී වදාළ අතිපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් (1913 - 2003) පෙන්වා වදාළහ. මෙවැනි වෙනස්කම් නැති තැනක් ලොව නොමැති බවත්, කර්මය හා පුනර්භවයම මීට හේතුව බවත්, බුද්ධ දේශනා ඇසුරෙන් උන්වහන්සේ අප වෙත මහත් කරුණාවෙන්ම කරුණු පැහැදිලි කළහ.

Read More

(LONG READS) පරිණත බවින් තොර බොහෝ දෙනා, සැනසීමේ මග සොයා වැනසීමේ මගක

Read More

මධ්‍යම පළාතේ තවදුරටත් වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අකුරණ නගරය ආශ්‍රිත ප්‍රදේශය තවදුරටත් අවදානම් තත්වයක පවතින බැවින් සියලු දෙනා දින 14ක් ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

Read More

ඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූPCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාධිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කලහ.

Read More

ඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූ PCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

සමස්ත පාසල් පද්ධතියම ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලට එකඟව සිමීත සිසුන් පිරිසක් පමණක් සහභාගි වන පෞද්ගලික කණ්ඩායම් පන්ති කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට අවසර දෙන ලෙස සමස්ත ලංකා උපකාරක පන්ති එකමුතුව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් තදින් පැතිරී යමින් පවතින බැවින් ජනවාරි මස අවසන්වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.