මාවනැල්ල බුදු මැඳුරු දෙකක වීදුරු බිඳ දැමීම ගැන පරීක්ෂණ
මාවනැල්ල හිගුල ප්රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසළ ඇති බුදු මැඳුරේ ඉදිපස විදුරුවකට ඊයේ (28දා) අළුයම බිඳ දමා ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
මෙම පහර දිම කිසියම් අන්තවාදී පිරිසක් විසින් සිදු කරන්නට අතැයි පොලීසිය සැක පළ කරයි. මෙයට වසර දෙකකට පෙරද මෙම බුදු මැදුරට පහර දි අලාභානි සිදු කර තිබුණි. සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මාවනැල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
එමෙන්ම මාවනැල්ල පොලිස් බල ප්රදේශයේ අලුත්නුවර නගරයේද බුදු පිළිමක ඉදිපස විදුරුවකට හානි කර තිබේ. ප්රදේශවාසින් පවසන අන්දමට මිට දින තුනකට පෙර රාත්රී මෙම වීදුරුවට හානි කර තිබේ.
පොලිසිය විසින් ප්රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කට උත්තර සටහන් කර ගෙන ඇති අතර අද එම ප්රදේශයේ සී.සී.ටී.වී කැමරා පද්ධති කිහිපයක්ද නිරීක්ෂණය කළේය.


popular news
-
චමින්ද Wednesday, 30 December 2020 06:42 AM
පාස්තු ප්රහාරයට කලිනුත් ඔය පැත්තේ ඔයවගේ බුදුපිළිම වලට හානිකිරීම් කලානේද .මෙය යම් ජනපිරිසක් කරනවා කියා සිතනවා නම් එම පිරිස අසහනයෙන් සිටින බව මහරගම අපේක්ෂා රෝහලේ සායනවලට ගියාම අනෙක් අයට වඩා එම පිරිසේ රෝගීන් වැඩිබවෙන්ම.තේරේවි
Reply : 0 1
Deepal Nirosh Wednesday, 30 December 2020 11:09 AM
මාවනැල්ලෙ පිපුරුවා පාස්කුවෙන් කෙළවුණා කොමිසමකුත් ඇරඹුණා මාවනැල්ලම කුඩුවුණා
Reply : 0 1
Kumar Wednesday, 30 December 2020 10:18 PM
Problem at this location could be solved replacing glass with Plexi-glass.
Reply : 0 1
හනීෆා Thursday, 31 December 2020 07:54 AM
ලංකාවේ විවිධ පෙදෙස්වලින් අනාථවූවන් ලෙසට මුස්ලින් තරුණයින් ගෙනවිත් පෝෂණය රැකවරණය හා පුහුණුව දෙන මාවානැල්ලේ හෙම්මාතගම හිජ්රාගම තිබෙන ළමානිවාසයේ සිටි පුද්ගලයින් ගැන අවධානයට යොමුවේවා.මෙහි පෝෂණය වෙනුවෙන් සෞදියේ ආධාරත් ලැබෙන බව අසා තියෙනවා.පරීක්ෂන අංශවල අවධානය යොමුවේවා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

