saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8154 hours ago

LATEST

කොවිඩ් ආසාදීත රැඳවියන් 05 දෙනෙකු පළා යයි

calendar_today 2020 දෙසැ 31 - 09:30 remove_red_eye - 430  

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටිනවා.

මහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු මහව මුලස්ථාන පොලිසිය මගින් අද අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.

Read More

2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණු පරිසර හානි පිළිබඳව කතා කර නිමක් දැකිය නොහැකි තරම්ය. අලුත් බලාපොරොත්තු රැගෙන, අලුත් වසරකට පියමනින මොහොතක අප නොවිසඳාගත් පරිසර ගැටලු රැසක්ද අප පසුපස පැමිණේ. මේ ඒ පිළිබඳව සටහනකි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී නීරෝගි දරු උපතක් සිදු කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනපදයයේ තරගය වෙනස් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පවසයි.

Read More

මෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම භාරගෙන නැත.

Read More

මේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැතිය ලබාදුන් පළමු රට බවට පත්වීමේ පසුබිම තුළය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 82,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ති​බේ.

Read More

හිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 282ක් හඳුනාගෙන ති​බේ.

Read More

මහර බන්ධනාගාරයේ සිදුවු නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ දේපල වලට අලාභ හානි කරමින් කටයුතු කළ රැදවියන් 128 දෙනෙකු තවදුරටත් රදවා තබා ගන්නා ලෙසට වත්තල මහේස්ත‍්‍රාත් බුද්ධික.සි.රාගල මහතා නියෝග කර ඇත.

Read More

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

Read More

දෙසැම්බර් 25 වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතු අලුත් අවුරුදු සුබ පැතුම් පත් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවනු ලැබීය. චීන අගමැති ලී කෙකියැන්ග් මහතාද 2021 වර්ෂය සඳහා වූ සිය සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලාංකික අගමැතිවරයාට එවනු ලැබීය.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ තවත් සේවකයින් 05 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගම එම ආයතනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

යාපනය මහනගර සභාවේ වී. මනිවන්නන් මහතා නගරාධිපති ලෙස පත්කර තිබේ.

Read More

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

පසුගිය දෙසැම්බරු 24 වන දින හුදකලා කිරීමට පියවර ගැණුනු කොස්ගම පොලිස් බල ප්‍රදේශ​​යේ පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව (30) පෙරවරුවේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි .

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 30 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1740 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කහ තොගය ඊයේ රාත්‍රී ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර තිබේ.

Read More

රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද (30) පැවසුවේය.

Read More

මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක කජු ගස්යට ආරක්ෂිතව පොලිතින් උරයකින් ඔතා තිබු තුවක්කුවක් හා පතරෝන් හා මැගසින් යනාදී ඊයේ සවස සොයාගත් බව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.

Read More

අද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.