saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8167 hours ago

LATEST

මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි

calendar_today 2020 දෙසැ 28 - 13:18 remove_red_eye - 389  

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද (28) සිට තාවකාලිකව වසා දමා තිබේ.

Read More

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු මහතා පැවසීය

Read More

දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වි මේ දක්වා කාලය තුල දි දකුණු පළාත තුල පි.සි.ආර් පරික්ෂණ 57909ක් සිදුකොට ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

යාපනය කන්කසන්තුරෙයි මුහුදු වෙරණේ තිබී රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 360 ක් ඊයේ (27දා) සොයාගත් බව කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

Read More

නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1004 දක්වා ඉහළ ගොස් ඈති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ලතාකරන් පවසයි.

Read More

ජනප්‍රිය ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීගමුව රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සපුගස්කන්ද ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු තවත් ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 18 දෙනෙකු සහ එම සේවිකාවන්ගේ ළගම ආශ්‍රිතයන් 13 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාමදේවන් මහතා පැවසිය.

Read More

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ගැන බොහෝ ප්‍රවෘත්ති මැවෙමින් තිබුණද, වෛරසයක් සෑමවිටම විකෘති වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නව වෛරස ප්‍රභේදයෙන් මිනිසුන් දැඩිව රෝගාතුර වීමක් මෙතෙක් නොපෙන්වන බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් ජනගහනය මත දැඩි නීති පැනවීම අගමැති බබීක් ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙම තීරණය සමහර අවස්ථාවල විශේෂඥ මතයට පටහැනි වූ අතර, වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට හේතු විය. අවසානයේදී දැඩි සීමා පැනවීමට සිදුවිය. වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් තමා සහ රජය වැරදි කර ඇති බව පිළිගත් බබීක්, නීති රීති අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ’’අද ඉතාලිය අවදි වන දිනයක්. එය එන්නත් දිනයයි. මේ දිනය අප සමග සදහටම පවතිනු ඇති.’’ යනුවෙනි.

Read More

තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා අතිරේක පරීක්ෂණ සහ සමීප සම්බන්ධතා පසු විපරම් කිරීම සිදුකරන බව නෝර්වීජියානු මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලයින් වෝල්ඩ් පැවසීය.

Read More

පුද්ගලයෙකුගේ අත්පා වෙන් වෙන වන ආකරයට තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් පොලීසිය සිදු කළ බලය භාවිත කිරීමකදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තහවුරු කරන ලද සිද්ධි දෙක කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හි ඩර්හැම් කලාපයේ යුවළකි. මෙම යුවළ දන්නා සංචාරක ඉතිහාසයක්, නිරාවරණයක් හෝ අධි අවදානම් සම්බන්ධතා නොමැති අය වීමද විශේෂත්වයකි.

Read More

’’ඉතිහාසය අපට පවසන්නේ මෙය අවසාන වසංගතය නොවන බවයි. වසංගත යනු ජීවිතයේ සත්‍යයක්’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවසීය.

Read More

එක්සත් ජනපදය දැන් ලෝකයේ කොවිඩ්-19 ආසාදනවලින් 23.60%ක් හෝ මරණවලින් 18.87%ක් වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි සායනික පරීක්ෂණවලදී 91.25%ක ඵලදායී වූ චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම නිපදවූ කොරෝනාවැක් එන්නතෙහි පළමු කාණ්ඩය තුර්කිය වෙත ලැබීමට නියමිතයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 80,725,000ක සීමාවේ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය හෙට දින පස්වරුවේ යූක්‍රේනයේ සිට ගුවන් මගීන් 200 කට අධික පිරිසක් රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී ප්‍රකාශ කළේය .

Read More

සංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 72කදී කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කරගෙන තිබේ.

Read More

පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වීමත් සමගිනි. ඒ අනුව එම පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන් ගණන 37360ක් දක්වා වාර්තා වී තිබේ.

Read More

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය ඔක්තෝබර් 28 දින සිට දෙසැම්බර් 26 දින වන විට ගතවූ මාස දෙකක කාලය තුළ කොරෝනා ආසාදිත වූවන් 445 දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (27) පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 462ක් අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට එන්න අවස්ථාව සලසලා දෙන්න. සංචාරක ව්‍යාපාරය සදහා ගුවන් තොටුපොළ විවෘත කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. සංචාරකයින් ලංකාවට එන්න පැය 72 කට කලින් පීසීආර් එක කරනවා. සංචාරකයා ලංකාවට ආවට පස්සේ පීසීආර් එකක් කරනවා. සංචාරකයා දවස් 7 ක් විතර ඉදලා එලියට යනකොට නැවත පීසීආර් එකක් කරනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.