saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8149 hours ago

LATEST

බේරුවල කොරෝනා රෝගීන් 528ක් දක්වා ඉහළට

calendar_today 2021 ජන 01 - 14:13 remove_red_eye - 237  

අලුත්ගම බේරුවල හා පයාගල පොලිස් වසම් තුලදී දෙසැම්බර් 19 ත් 30 අතර කාලය තුලදී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 1569 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කර 51දෙනෙකු ආසාදිත බව තහවුරු කර ගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ඒකකයේ පොලිස් නිළධාරීන් කියයි.

කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය සහ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී සිටියි.

Read More

කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ’’ බබී ’’නැමැත්තෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 15 ක් පමන මත්ද්‍රව්‍ය තොගයක් සමග කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී ඊයේ 31 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

Read More

2021 නව වසරේ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 06 කින් , රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 397 දෙනෙකු පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ගුවන් යානා 10 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 317 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

වටවල ප්‍රදේශයෙන් (31) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 13 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හමු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.

Read More

47 හැවැරිදි සැකකරු වී මෝල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක් බලෙන් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

කාන්තන්කුඩි ප්‍ර දේශයේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ 600කින් පුද්ගලයන් 24ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (31) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 53 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1040ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.

Read More

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජනතා සහභාගීත්වයක් දැකිය හැකි වී තිබේ.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත ටී. බී. කොහොන මහතා පෙරේදා (30දා) දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,340,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ති​බේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (31) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිරෝධායනයට ලක්කර ඇති බවට පලවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්, 2020 මාර්තු මස සිට සිනමාශාලා වසාදැමීම නිසා මුල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමාශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින්, සිනමාශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ එකඟතාවය ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට එම මැතිවරණය කල් දැමීම හේතුවෙන් අහිමි වූ වැටුප් ගෙවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.

Read More

පොළොන්නරුව - ගල්ලෑල්ලව රෝහලෙන් පළා ආ බව කියන කොවිඩ් ආසාදිතයෙකුව 31 වැනිදා දහවල් හලාවත මාදම්පේ දෙමටපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී වි තිබේ .

Read More

නව වසර උදා වෙන්නේ අහියෝග සමගින් බවත් එම සියලු බාධක ජයගනිමින් රටක් ලෙස එකාවන්ව නැගී සිටීමේ අභියෝගය රටට ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.

Read More

විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වැලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය.

Read More

පසුගිය වසර තුළ චීන-ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් වූ බවත් ඉහළ පෙළේ චීන-ශ්‍රී ලංකා හුවමාරු පුළුල් ලෙස පැවති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා පැවැසීය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය පවසයි.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙවන වතාවටත් අද දිනයේත් (31දා) විවෘත කල බව කිලිනොච්චිය දිස්ත්‍රීක් වාරිමාර්ග නිලධාරී කාර්යාලය පැවසීය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 94 ක් වාර්තා වීමත් සමග අද 31 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1830 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 118 දෙනෙක් (31) වන විට හමුවී ඇති අතර එක්අයෙකු මියගොස් ඇතැයි මොනරාගල අතිරේක දිසාපති චන්දනලොකුහේවගේ මහතා පැවසීය.

Read More

තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැවසීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 6 දෙනෙකු 30 දින පස්වරුවේ හඳුනාගත් බව දඹුල්ල නාගරික වෛද්‍ය ඒකකය කියයි.

Read More

ලංකාවේ එක් දිනක් තුළ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන රාත්‍රිය දෙසැම්බර් 31 රාත්‍රිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.