මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1830 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 94 ක් වාර්තා වීමත් සමග අද 31 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1830 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 1130 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 559 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 141 දෙනෙකු ද වාර්තා වී ඇත.
අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 94 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 54 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 15 ක් ලෙසිනි. වාර්තාවී ඇති මරණ 08 දක්වා ඉහළ ගොස් ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 07 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 01 ලෙසින් මෙම මරණ වාර්තාවේ.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 289කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 227කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 31 කි
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
