saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7797 hours ago

LATEST

ට්‍රම්ප් බල හුවමාරුව අවහිර කළොත් තව තවත් මිනිසුන් ඉදිරියේදී මිය යාවි - බයිඩන්

calendar_today 2020 නොවැ 17 - 07:20 remove_red_eye - 846  

’’අපි ජනවාරි 20දාට යාමට පෙර ජනාධිපතිවරයා (ට්‍රම්ප්) තරමක් බුද්ධිමත් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා’’ එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කියයි.

මෙම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය චීනය ඇතුළුව රටවල් 15ක් සහ බිලියන 2.2ක ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිරී ඇත.

Read More

Dow ඉතිහාසයේ කිසි දිනෙක ළඟා නොවූ මට්ටමක් වූ ඒකක 30,000ක සීමාව කරා ළඟා වූ අතර, &P 500 මිල දර්ශකයද නව වාර්තාවක් වාර්තා කරමින් 1.2%කින් ඉහළ ගොස් තිබේ.

Read More

මෙම එන්නත් දෙකෙහි සමාන ආරක්ෂණ හා කාර්යක්ෂමතා පැතිකඩ ඇති බව පෙනෙන්නට තිබුණද, මොඩර්නා එන්නත ෆයිසර් එන්නතට වඩා සැලකිය යුතු ප්‍රායෝගික වාසියක් ඇති එන්නතක් බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,800,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

පොලිස් දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය ආසාදිත නිලධාරින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වේ.

Read More

මුහුදු ආරක්ෂකයින් නිරෝධායනය කිරීම සඳහා උනවටුන හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි 08 දෙනෙකුට අද (16දා) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

Read More

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

Read More

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ එළිපෙහෙළි කිරීමෙන් සිදුවූ හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

Read More

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 229 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 03 කින් කොරෝනා ආසාදිත රෝගීන් 06 දෙනෙකු 11/16 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

වත්තල ප්‍රදේශය තුළ අද දින (16 ) කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වුන අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසය තුළ ​මේ වන විට කොරෝනා වෛරස ආසාදනයට ලක්වුවන් ගේ ගණන 774 දක්වා වැඩිවි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු ඇසෙන්ඩා මහත්මිය පැවසුවාය.

Read More

ගොළු හදවත විවර කරන්න,සඳ පාන වගේ,ආවේ වන බඹරෙක් වාගේ,සුපුන් සඳක් අහසෙ පාවුණා,එගොඩ ගොඩේ මල් නෙළනා, සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා ආදී ගීත රසික හදවත් හද බැඳ ගත්තේය.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාලය වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා අද ( 16 ) දින පැවසිය .

Read More

සියලුම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම මෙන්ම ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරිම 2021 -2-28 දක්වා දිර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Read More

ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්. පී. එල්. තරගාවලියේ විනිවිද බව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අද (16දා) ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය.

Read More

ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියන් කිහිප දෙනෙකුම ලකුණු 200ක් ලබාගැනීමට සමත්ව සිටියි.

Read More

ආණ්ඩුවේ රැකියා දීමේ වැඩසටහන ප්‍රෝඩාවක් බවත්, රැකියා ලබා දෙන බවට පවසා රැවටීමට ලක් කළ සියලුම තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු රක්ෂිතය එවකට අමාත්‍යවරයෙකුව සිටි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විසින් එළි කිරීම නීතිවිරෝධී බවත් අදාළ ප්‍ර දේශය ඔහුගේ පෞද්ගලික මුදලින් නැවත වන වගා කළ යුතු බවත් සඳහන් කරමින් අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Read More

ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් , ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් , අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින්,විවාහ තුනක් සිදු කර ගනිමින් , කටුනායක , කෝවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු 11/15 දින කටුනායක පොලීසිය සිදු කළ විශේෂ වැටලීමකින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 66 දෙනෙකු අද (16) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කල බවට සැක කෙරෙන පාර්සල් 10ක අසුරණ ලද රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු,කේරළ ගංජා කිලෝ 22කුත් ග්‍රෑම් 475ක් සැක කරුවන් පස් දෙනෙකු සමග අද (16) අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.