බදුරලිය පාසල් සිසුවියකට හා එකම පවුලේ පහකට කොවිඩ්
බදුරලිය කඹුරාවල විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැ යි අද දින පාලින්ද නුවර පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලක ජයසිංහ මහතා පැවසීය.
මෙම සිසුවියගේ මව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර ඇයට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ආසාදිත සිසුවිය ඉගෙනුම ලබන පාසැලේ පාසලේ ගුරුවරුන් 10 දෙනකු සහ ඇයගේ පන්තියේ සිසුන් සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කළ බව වෛද්‍ය නාලක ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම බල ප්‍රදේශයෙ රබර් ආශ්රිත නිශ්පාදන ආයතනයක් වන ලංකා මෙතොඩික්ස්,හී ආසාදිත පොකුර 26 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත්,එක් සේවකයෙකුගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකුට ම වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාලින්දනුවර බල ප්‍රදේශයේ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 73ක් වන අතර, පවුල් 182ක පුද්ගලයන් 560 ක් නිරෝධානය ට ලක් කර ඇති බව පාලින්දනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
ප්‍රේමතිලක පෙරමුණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

