’’වර්තමානයේ අපගේ වසංගත රෝග තත්ත්වය වේගවත් හා අසමානයි. එය ප්‍රභේදයන්ගෙන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 95,475,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඅද (18) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 295ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreනියාමන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට යුක්‍රේන සංචාරකයන් 1500කට අධික පිරිසක් පැමිණ ඇති බවත් ඒ හරහා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 420ක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් -19 නව ආසාදිතයින් සංඛ්‍යාව 40 දෙනෙකු අද (18) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තාවී ඇති අතර ඒ අනුව මධ්‍යම පළාතින් මේ දක්වා වාර්තා වී තිබෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3086 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
Read Moreදෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුල්වී නීතීවීරෝධී ජනරාශියක සාමාජිකයින් වශයෙන් කටයුතු කළ බව කියන කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (18දා) වරෙන්තු නිකුත් කළේය.
Read Moreමිත්තණිය සෙවනේ හැදී වැඩුණු වයස අවුරුදු 8 ක පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයන් හත්දෙනෙකු අද (18දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 332ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ දක්වා වර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49606කි.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ.
Read Moreඅලුතෙන් කොවිඩ් 19 ආසාදිතයන් 29 දෙනකු (18 දා) වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හදුනාගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී යු. ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 649ක් සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreයුද්ධ හමුදා නව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
Read Moreඅම්බලන්තොට ව්‍යාපාරිකයෙකු හට රුපියල් කෝටි 02කට අලෙවි කිරීමට ගෙනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස තුනක කාලයක් තිස්සේ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (18) සිට යලි ආරම්භ කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.
Read Moreරාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
Read Moreහෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් නිලධාරීන් පිරිසකටකොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණත්එහි කෝරාළ වරුන් ඇතුළුසියලුම සේවක මණ්ඩලයඇන්ටිජන්පරීක්ෂණයට ලක් කොට තිබෙන බවත්එමගින් දළදා මාලිගාවේකිසිදු සේවකයෙකුටකොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙන බවදියවඩන නිලමේප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .
Read Moreපස්සර ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ශරීරගතවී තිබෙන බව ඊයේ දින පී.සී.ආර් පරීක්ෂණයකින් සොයාගත් බව බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය.
Read Moreකොවිඩ් මර්දන එන්නත ලබාදීම කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත් ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොවිඩ් එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය,මහචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරදි පැවසිය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු 18 අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .
Read Moreපොළොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පස්වෙනි වරටත් පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු විවෘත කිරිම අද (18) දින පෙරවරුවේ වාන් දොරටු දහයෙන් 4ක් අඩි එක බැගින් විවෘත කල බව පොළොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පවසයි.
Read Moreවිෂබිජහරණය සිදු කිරීමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් අද (18දා) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.
Read Moreනුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි සේවාව යලි සංචාරකයන් සඳහා ආරම්භ කිරීමට පියවර ගත් බව නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා පැවැසීය.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දෙන ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබුවේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්න ඇතුළු තිදෙනකුට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධවය.
Read Moreවිෂබිජහරණය සිදු කිරිමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙළදසැල් (18) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා අනුව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදුකරන බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read More