නියාමන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයන් 1500කට අධික පිරිසක් පැමිණ ඇති බවත් ඒ හරහා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 420ක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලබන බ්‍රහස්පතින්දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
නියාමන ව්‍යාපෘතියේදී හඳුනාගත් සියලු අඩුපාඩු සකස් කරමින් ඉදිරියේදී සංචාරකයින් දිවයිනට ගෙන්වා ගන්නා බවත් සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.