මාස 3කට පසු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹේ
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස තුනක කාලයක් තිස්සේ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (18) සිට යලි ආරම්භ කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.
මාස තුනකට වැඩි කාලයක් තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු (18) දින සිට ආරම්භ කල බවත් , (18) දින කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත් , බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් පොඩි මැණිකේ දුම්රියන් දෙකක් ධාවනයට එක් කර ඇත.
නිරෝධායන උපදෙස් වලට අනුකුලව දුම්රිය ස්ථාන වලින් දුම්රියන්වලට මගින් නංවා ගන්නා බවත් , දුම්රිය නංවා ගන්නා සැම මගියෙකුම මුඛ අවාරණ පැලද දුම්රියෙන් ගමන් කල යුතු බවයි දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේ.
මේ මස 25 දින සිට උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන සියළුම දුම්රියන් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවද මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

