තවත් කොවිඩ් ආසාදිතයින් 300ක් හඳුනාගෙන තිබේ.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,375ක් දක්වා ඉහල ගොස් ඇත.
මහබාගේ වැලිසර ප්‍රදේශයේ නිවසක් තුළ හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමග මහබාගේ පොලීසිය මගින් (9) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා.
Read Moreපාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) ඉවත් විය.
Read Moreවික්ටෝරියා ජලාශය අවට විටින් විට සිදු වන සුළු භූ කම්පන පිළිබඳව පුළුල් විමර්ශනයක් සඳහා භූ කම්පන තත්ව පිළිබඳව විද්වත් කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
Read Moreසිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreමෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසැල් ආරක්ෂක නිලධාරිවරයා පාසැලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව අද 10 දින වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සහ පාසැල් පාලන අධිකාරිය පැවසීය .
Read More(LONG READS- සුරාමත)
Read Moreගුවන්තොටුපල විවෘත කර සංචාරකයන් සදහා රට විවෘත කිරීමට සියල්ල සුදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. සෞඛ්‍ය බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අවසන් අදියරේ පවතින බවද ඔහු පෙන්වා දෙයි.
Read Moreපවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට කුරුණෑගල නගරය තුළ බුලත් විට සපා කෙළ ගසමින් නගරය අපවිත්‍ර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව මේ වන විට රැඳවියන්, නිලධාරීන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන්ගෙන් ප්‍රකාශ 228ක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු පිහි ඇනුමකට ලක්ව ජිවිතක්ෂයට පත්ව ඇත.
Read Moreඅද (10) උදෑසන 7 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (10) 795ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 489 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 246 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකුද වාර්තා වී ඇත.
Read Moreකොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි.
Read Moreමේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක්, මෙඩොර්නා, ඇස්ට්‍රාසෙනෙකා මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එක්සත් ජනපදය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම එන්නත්වලින් ෆයිසර් එන්නත මේ වනවිටත් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල එන්නත් කිරීම් අරඹා තිබේ.
Read Moreපෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසයි.
Read Moreසෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය තැබීමට බලාපොරොත්තු වන එන්නතක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා සැලකෙන්නේ, එහි අඩු පිරිවැය, ලොවපුරා පහසුවෙන් ලබාගත හැකිවීම සහ භාවිතයේ පහසුවයි.
Read Moreතාවකාලිකව වසා දමා ඇති හැටන් නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන් 160 දෙනෙකු ඉලක්ක කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම 160 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreඇමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් 240,000කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, 858 දෙනෙකු මියගොස් ඇති බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඊයේ දිනයේදී සිදුවූ මාරක අනතුරු තුනකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10) පෙරවරුවේ පැවසීය.
Read Moreමැදපෙරදිග රටවල් තුනක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටියදී , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 368 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 357කි. ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 219කි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණණ 38කි. ඊයේ දිනයේදී කොවිඩ්ආසාදියන් 697ක් වාර්තා වන අතර ඉන් 694ක්ම දේශීය සම්ප්‍රේෂණ වෙයි.
Read Moreචීනය ගෝලීය වශයෙන් රටවල් වලට කොවිඩ්-19 එන්නත් මිලියන ගණනක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම, සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධව සාර්ථක වූ අපේක්ෂකයන්ටද ප්‍රමුඛතාව ලබා දී තිබේ.
Read Moreකැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ සතිය මුල කියා සිටියේ වසර අවසානයේදී කැනඩාවට මූලික මාත්‍රාවන් 249,000ක් ලැබෙනු ඇති බවත්, කැනඩාවේ පළමු එන්නත් කිරීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,567,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read More