කොවිඩ් ආසාදිතයින් හමුවු ප්‍රදේශ
දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (13) දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 51කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 57,529ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1466ක් දක්වා ඉහළ ගොස් ඇත.
කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, මඩකළපුව, පුත්තලම, අම්පාර, මාතලේ, හම්බන්තොට, පොළොන්නරුව, මුලතිව් සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් 41 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින් ගණන 226කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

