එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,603,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreඅද දිනයේදී පෑලියගොඩ කොවිඩ් පොකුරට හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 755ක් වාර්තාවීමත් සමග පෑළියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 28502ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreබුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නම් කරයි. වේයන්ගල්ල ප්‍රදේශයේ පසුගිය දින දෙකක සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ 243ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබන ස්වයං නිරෝධායනයට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්ථා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Read Moreසෙනසුරාදා සහ ඉරිදා යන දෙදින බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණයන් හැකි තරම් සීමා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසංචරණ සිමා පනවා ඇති අඹගම්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්වොටර් වත්තේ ඉහල සහ පහල කොටසින් ගතවු පැය 24 තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 12 දෙනෙකු හමු වි ඇති බවත් ,එම අසාදිතයින් අතරින් අසාදිතයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (12 පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවට රුපියල් මිලියන 16 කට අධික වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට බීජිං මහ නගර සභාව කටයුතු කර තිබේ. පුද්ගලික ආරක්ෂක උපකරණ, වෙන්ටිලේටර්ස්, පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් මෙසේ පරිත්‍යාග කර තිබේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් මගීන් 884 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර තවත් ගුවන් මගීන් 495 දෙනෙකු ගත වූ පැය 24 තුළ විදේශ ගත වී තිබුණි .
Read Moreසබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහොංකොං රජය විසින් එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන සිනෝවැක් සහ ෆයිසර් සමග එන්නත් ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ සෑම එකක්ම මාත්‍රා මිලියන 7.5ක් සපයනු ඇති බව ලැම් පැවසීය. එමෙන්ම මිලියන 7.5ක පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබාදෙන බවට පොරොන්දු විය.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතියේ කියා සිටියේ, සිනෝෆාම් එන්නත 86%ක කාර්යක්ෂමතාවක් ඇති බවය. එමෙන්ම එරට තුළද සිනෝෆාම් එන්නත ලබාදීම මේ වනවිට සිදුවෙයි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ නිවාස යෝජනා ක්‍රම හයක හුදෙකලා කිරීම් අද පෙරවරු 6.00 සිට ඉවත් කර තිබේ.
Read Moreවිශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත්තේ, ’එන්නත් ජාතිකවාදය’ පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බවටය.
Read Moreඅගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 7ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreරියැදුරු මහතෙකුට කොරෝනා වැලදිම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බව සඳහන් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රාජකාරි සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කරයි.
Read Moreමහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අත්තනගල්ල සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සෞඛ්‍ය බලධාරීන්ට අවනත නොමැති (Uncontrolled Aria ) ප්‍රදේශ පවතින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මස 18 වැනිදින දක්වා තවදුරටත් වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදියින් 226ක් හඳුනාගෙන ගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.
Read Moreගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ ගාල්ල කොට්ඨාසයේ පාසල් සියල්ල තවදුරටත් වසා තැබීමටත් සංචරණ සීමා දැඩිකිරීමටත් තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
Read More