saravita-anim2

2025 ජුලි මස 14 වන සඳුදා

2025 ජුලි මස 14 වන සඳුදා

Latest News - timelapse 7450 hours ago

LATEST

එළවළු තොග ජනතාවට විකිණීම ආණ්ඩුව පොලීසිය දමා වළක්වනවා - රෝහිණී

calendar_today 2020 නොවැ 10 - 12:43 remove_red_eye - 813  

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග එම නියාමකවරුන් දෙදෙනා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

දින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (9) දින යලිත් විවෘත කරන ලදි.

Read More

මිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට ආසාදිතයන් 469,018ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 8,565කි.

Read More

මදුරාවල බල ප‍්‍රදේශයෙන් තවත් කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව (10) දින වනවිට 40 දක්වා ඉහළ ගොස් ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

මතුව තිබෙන තත්වය මත තාවකාලිකව වසා දමා තිබු වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව නැවත හෙට දිනයේදී විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් අවම වශයෙන් එක් පි.සිආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි .

Read More

ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.

Read More

ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේඩියානුවන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී වසංගත සමයේ රැකියා හා පාසල් අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කිරීමට සැරසෙයි.

Read More

ඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති අතර, මැතිවරණයෙන් පසුවද දේශපාලන රැලි කිහිපයක් සංවිධානය කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවද සඳහන් වෙයි.

Read More

තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පත්කළත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්‍රියාත්මකය. ට්‍රම්ප් බලය අත්හැරීමටද තවම සූදානම් නොමැති පසුබිමක එරට දේශපාලන අවුල තුළ වසංගතය දෙගුණ තෙගුණ විය හැකි බව කියැවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 50,760,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9දා) ලැබුණු පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

Read More

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය”

Read More

දැනට පවතින වැසි තත්ත්වය උතුර, උතුරුමැද පළාත් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානම් ලෙස තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

අද (09) තවත් කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ රැකියාව කරමින් ජිවත් වු ශ්‍රී ලාංකිකයෙක් ඊයේ(08) මියගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තු රැස්වීම් පාර්ලිමෙන්තු මාධ්‍ය වේදීන්ගේ සහාගිත්වයෙන් තොරව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය අද (09) හිමිවිය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරේ.

Read More

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

Read More

2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (09) තීරණය කළේය.

Read More

අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

Read More

අද (09) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 172ක් හමුවී තිබේ.

Read More

හුදකලා කර තිබූ තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.