පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ නඩුව අද (16) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා හමුවේ කැඳවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදී අධිකරණයට දැනුම්දී තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා සැකකරු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ කර තිබේ.