saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7578 hours ago

LATEST

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පාසල්වල නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා

calendar_today 2020 දෙසැ 21 - 12:42 remove_red_eye - 2453  

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .

Read More

බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

Read More

තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ (20) හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන තාවකාලිකව වසා දමා තිබු නොර්වුඩ් දමිල මහා විද්‍යාලය අද දින යලිත් විවෘත කරනු ලැබුහ.

Read More

සමරූපී වනාන්තර හෙවත් Analogue Forest ක්‍රමය මෙරටට හරිත උදය පදනම විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව එම සංවිධානය විසින් බණ්ඩාරවෙළ මිරහවත්ත අක්කර 05ක පමණ ප්‍රදේශයක නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සමරූපී වනාන්තරය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) එහි ගියේය.

Read More

මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසරක පාලන කාලයෙන් පසු ’ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කළත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

Read More

මොඩෙර්නා එන්නත ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය සෙල්සියස් අංශක සෘණ 80ක තරම් අධි සීතලක තැන්පත් කළ යුතු නොවීමද මොඩෙර්නා එන්නත බෙදාහැරීම සඳහා වැඩි පහසුවක් සලසනු ඇති බව කියයි.

Read More

එක්සත් ජනපද එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් ප්‍රධානී පවසන්නේ, මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 හි නව ප්‍රභේදයට දැනට පවතින එන්නත්ම ඵලදායී වනු ඇති බවයි.

Read More

ඔස්ට්‍රේලියාවේ නව ආසාදන පොකුරු මේ වනවිට රෝගීන් 68 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්‍රභවය තවමත් අනාවරණය වී නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ්-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවෙන්ද හමුවී ඇති බවය.

Read More

’’කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.’’ WHO කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් අවධාරණය කරයි.

Read More

මොඩෙර්නා කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ එන්නත සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවේ නිර්දේශය එහි අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පිළිගනී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,760,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට දිනේ සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට සුළු මොහොතකට පෙර පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දි තිබේ.

Read More

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන ති​බේ.

Read More

හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද 20 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න වාඩිගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමඟ මේ වනතෙක් එම කම්හලේ සේවක සේවිකාවන්ගෙන් 500කටඅධික ප්‍රමාණයකගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් අද වනවිට කොවිඩ් 19 වෛරසය අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

කූඨ ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍ය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ගාල්ල දේද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ සිය නිවස තුල නිරෝධායනය වෙමින් සිටියදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.

Read More

අද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනු​ව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා වසම් දහයක් පූර්ණ හා අර්ධ වශයෙන් අද 20 හුදකලා කළ බව කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය .

Read More

ගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.

Read More

පූගොඩ උසාවි සංකීර්ණයේ විනිසුරුවන් ඇතුළු 53 දෙනකු නිරෝධායනයට ලක් කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

පිළිමතලාව නගරයේ ඇගලුම් හලේ සේවිකාවන 10 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වි ඇති බවත් මේ අනුව එම ඇගලුම් හලේ සේවිකාවන් ප්‍රථිකාර සදහා රෝහල් ගත කිරිමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.