රිෂාඩ් හා රියාඩ් අත්අඩංගුවට ගැනීමේ චෝදනා මෙන්න
2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම හා ඔවුන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා හා ඔහුගේ සහෝදරයෙකු වන රියාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පනත අනුව පරීක්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
රිෂාඩ් බද්යුදීන් මහතා කොළඹ බෞද්ධාලෝක මාවත පිහිටි ඔහුගේ නිවසේදීත්, රියාඩ් බද්යුදීන් මහතා වැල්ලවත්තේදීත් අද අලුයම් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී අණාවරණය වූ සෘජු, පර්වේශනීය හා විද්‍යාත්මක සාක්ෂි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
-
Darshana Priyanjan Saturday, 24 April 2021 11:55 AM
It has to be පාස්කු දා ප්‍රහාරය not පාස්කු ප්‍රහාරය Mind you language
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

