saravita-anim2

2025 ජුලි මස 14 වන සඳුදා

2025 ජුලි මස 14 වන සඳුදා

Latest News - timelapse 7265 hours ago

LATEST

කුඩා ළමුන් අලෙවි කිරිමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු අත්අඩංගුවට

calendar_today 2020 දෙසැ 22 - 17:42 remove_red_eye - 1288  

කුඩා ළමුන් අලෙවි කිරිමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි 21දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන සේවකයින් 47 දෙනෙකුට 12/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය

Read More

පසු අස්වනු හානිය අවම කරමින් ප්‍රවාහනය සුරක්ෂිත ඇසුරුම්වල බවත්, සිල්ලර ලාභය කිලෝවකින් රුපියල් 20ක් හා තෙග කිලොවකින් රුපියල් 10ක් පමණක් බවත් අමාත්‍යාංශය පවසයි.

Read More

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

Read More

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (22) දින හඳුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් 16 දෙනාත් සමඟ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 363ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

Read More

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

Read More

(LONG READS) රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට අඟුරු දකින්න පුළුවන්. නමුත් සිතේ හටගන්නා රාග ගින්නේ එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු පවතින්නේ නැහැ. ඒත් මේ සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසුම් බව මුළු ශරීරයටම දැනෙනවා. රාගය නමැති ගින්න විසින් බෙහෙවින්ම පුලුස්සා විනාශ කර දමන්නේ, ජීවිතයක ඇති ‘යහපත් ගුණයයි.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අප පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදය හෙට පෙ.ව. 6.00 දක්වා වලංගු වෙයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් තුන්සීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(LONG READS) හිතාදරයන්ගෙන් වෙන්වීම මොන තරම් දුකක්ද? ආදරය කරන අයගෙන් දුරස් වීම, ඔවුන් වේදනාවට පත්වීම බලා සිටින්නට වීම කාගෙත් සිත සසල කරන දෙයකි. ආදරය හමුවේ තම ජීවිතය හා සියලු සැප අතැර ලූ පටාචාරාවන් පිස්සු වැටුණේත්, එදා මෙදාතුර සියලු පටාචාරාවන් හැඬූ කඳුළින් තැබුවේත්, ඒ මහා ඤාති ව්‍යසනයයි. කෙනෙකුගේ හදවත ඒ ඤාති ව්‍යසනය හමුවේ කෙතරම් පීඩාකාරී වන්නේදැයි ජීවිතයේ එකම වතාවක හෝ අත්දැකීමක් ඔබටද ඇති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තව දුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.

Read More

දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමිමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (21) දින කටයුතු කලහ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතවෙන් දිස්ත්‍රික්කයේ බොහෝමයක් පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

Read More

කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක වලදමා තිබූ ටී.56 ගිනිඅවි තොගයක් ඊයේ (21) සවස සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුර පවසයි.

Read More

ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039කි. ගුවන් යානා 396ක් මත්තලට පැමිණ තිබේ. හැසිර වූ සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83 654කි.

Read More

(FULL LIST) කැබිනට් රැස්වීමේදී ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ සියල්ලම.

Read More

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශය තුළ covid 19 වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා දැනට හුදකළා කර ඇති ගම්මාන කීහිපයේ බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පවුල් 7 ක පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ගුවන් යානා 07 කින් රජයේ විශේෂ අවසරය ඇතිව 12/22 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 05 කින් විදේශ ගත වී තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බව දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

අපිට ප්‍රශ්න නැත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින අපේ පළාත් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ට මෙන්ම සංවිධායකවරුන්ට යම් යම් ගැටළු සහගත තත්ත්වයන්, කෙණෙහිළිකම් පොදු පෙරමුණේ ප්‍රාෙද්ශීය දේශපාලනඥයින්ගෙන් එල්ල වන බවට ඒ අය අපිට නිතරම මැසිවිළි නගනවා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තවදුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු 4කින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මධ්‍යම පළාත තුල මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 23 කට අයත් පුද්ගලයින් 87 දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.

Read More

එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලයේදී මේ දක්වා පෙනෙන්නට ඇති ජාතිකවාදී ප්‍රවණතාව, වසංගතය සමග කටයුතු කිරීමේ ප්‍රගතියට බාධාවක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.