කටුනායක පොලිස් මෙහෙයුමකින් 22ක් අත්අඩංගුවට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව ඊයේ දින සිදු කළ අපරාධ මර්දන සහ රථ වාහන මෙහෙයුමක දී කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
හෙරොයින් සැකකරුවන් 04 දෙනෙකු ද , නීතිවිරෝධී මත්පැන් සැකකරුවන් 04 දෙනෙකු ද , ගංජා ළග තබාගත් එක් පුද්ගලයෙකු ද , වරෙන්තුකරුවන් 03 දෙනෙකු ද , සැකපිට අත් අඩංගුවට ගත් 05 දෙනෙකු ද , බීමත්ව රිය පැදවූ 04 දෙනෙකු සහ අවශ්‍ය සැකකරුවන් 01 අයෙකු ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිති .
මෙම මෙහෙයුම කටුනායක පොලිස් වසම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත එම පොලීසියේ නිලධාරීන් 25 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිරිස අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

