saravita-anim2

2025 ජුලි මස 16 වන බදාදා

2025 ජුලි මස 16 වන බදාදා

Latest News - timelapse 7190 hours ago

LATEST

වව්නියාවේ පාසල් 6ක් හෙට විවෘත කිරීම කල්දමයි

calendar_today 2021 ජන 10 - 14:25 remove_red_eye - 198  

පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 6 ක් නව වසරේ පාසල් වාරය සඳහා හෙට ( 11) විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේදී සභාවට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර කරයි

Read More

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මුල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලිකව (10) දින වසා දමා එම අසාදිතයන් පස් දෙනාගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.එස්.කේ.වික්‍රමගේ මහතා පැවසිය.

Read More

දක්ෂිණ නාවික කදවුරේ නැව්තටාංගණයේ නැංගුරම් ලා ඇති ප්‍රතාප නෞකාවේ අලුත්වැඩියා කටයුත්තක නිරත වෙමින් සිටි නාවික සෙබලුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මොරටු සමන් නමැත්තාගේ ගෝලයකු ජීව අත් බෝම්බයක් සහ හොරොයින් මත්කුඩු සමග මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

2021 වසරේ පළමු පාසල් වාරය (11) දින ආරම්භ කිරිම සදහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබිජහරණයට ලක් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් (09)සහ (10) යන දෙදින සිදු කරනු ලැබුහ.

Read More

සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Read More

බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා යන ගමනේදී මිනිත්තු හතරකින් පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වන විට ශ්‍රීවිජය එයාර් ජෙට් යානයේ 62 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ලබන අගහරුවාදා (12) සිට කොවිඩ් මර්දන කටයුතු ඇතුළු සියලු රාජකාරිවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජනයක් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් මංජුල ද සොයිසා මහතා පවසයි.

Read More

වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 22,129,231ක් සහ අවම වශයෙන් මරණ 372,338ක් අද (10දා) උදෑසන වනවිට වාර්තා කර තිබේ.

Read More

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ශනයේ නිශ්චිත විධිවිධාන පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්ග් යික්සින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, චීන විශේෂඥයන් මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සගයන් එනතුරු බලා සිටින බව අවධාරණය කරමිනි.

Read More

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් ගේ සංඛ්‍යාව ඊයේ (09) දිනය වනවිට 1320 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

’’එන්නත ගැනීම සදාචාරාත්මක යුතුකමක්. මෙහි වතිකානුවේදී අපි ලබන සතියේ එන්නත්කරණය ආරම්භ කරනවා. මමත් එය ගැනීමට සූදානම්ව සිටිනවා.’’ ෆ්‍රැන්සිස් පාප්තුමා සඳහන් කළේය.

Read More

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වන සීනෝෆාම් එන්නත, පෙබරවාරි මාසයේ චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුමට පෙර මිලියන 50ක ජනතාවකට නොමිලේම එන්නත් කිරීමට චීනය අපේක්ෂා කරයි.

Read More

සමාජ මාධ්‍ය ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීම හමුවේ මෙම ගැටුම ඇතිවී තිබේ. ’’මෙය ජනාධිපති ට්‍රම්ප් ගැන පමණක් නොවෙයි, මෙය වචනානුසාරයෙන් ඇමෙරිකානුවන් මිලියන 75ක් පමණ පිරිසකට පැනවූ තහනමක්’’ ට්‍රම්පට සහාය දුන් උපදේශකයා පැවසීය.

Read More

කොවිඩ්-19 ට එරෙහිව ඊශ්‍රායලය සිය පුරවැසියන්ට එන්නත් ලබාදෙමින් ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර, මාර්තු අග වනවිට සියලුම ඊශ්‍රායල් පුරවැසියන්ට එන්නත් ලබා දෙන බව අගමැති නෙතන්යාහු අවධාරණය කර තිබේ.

Read More

වැරදි තොරතුරු සහ තවදුරටත් උපකල්පන වළක්වා ගැනීම සඳහා 94 හැවිරිදි රැජින, තමාට සහ 99 හැවිරිදි තම සැමියාට එන්නත ලබා දී ඇති බව ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 90,000,000ක සීමාව කරා පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වූ නව ආසාදිතයින් 53දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1305දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 521ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 140 දෙනෙකු අද දිනයේ අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1637 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 161ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (09) පෙරවරු 6.00 වන විට 2479 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු 01/09 දින අලුයම පැමිණි විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

කලවාන නගරයේ වෙළෙඳසැල් හතරක් අද ( 09) වසාදැමීමට පියවර ගත්බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.