saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 7321 hours ago

LATEST

සුවය ලැබු ආසාදිතයින් ගණන 70,429 ඉක්මවයි

calendar_today 2021 පෙබ 16 - 15:47 remove_red_eye - 221  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Read More

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

Read More

රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබද වාද විවාද තිබිය හැකි වුවද, ජාත්‍යන්තර වශයෙන් රට නියෝජනය කරන සෑම මොහොතකම සෑම දෙනාම එක්සිත්ව එක හඩකින් ක්‍රියාකිරීම ජාතික වගකීමක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ විවාහ උත්සවයකට සහභාගිවිය යුතු සංඛ්‍යාව උපරිමය 50ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කාලය ඉකුත් වූ වීසා බලපත්‍රයකින් මෙරට රැඳී සිටි පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ගංජා ග්‍රෑම් පහක් ද ඔහු සන්තකේ තිබී සොයාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.

Read More

රොෂාන් රණසිංහට නව රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Read More

කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වයිරීභාවයට හානි වන කිසිම දේකට රජය එකග නොවන බවත් වෙරළ සං‍රක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය.

Read More

හැටන් හයිලෙවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

Read More

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චින්තක නමැත්තාගේ හා සුරේන් නමැත්තාගේ සමීපතමයෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී අත්අඩංගුවට ගැනුණි.

Read More

කොවිඩ් එන්නත තමන් දැන්ම ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අලි මිනිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සදහා ඉදි කරන අලි වැට ආරක්ෂා කිරීම සදහා “අලිවැට පුහුණු කිරීමේ බලකායක්” නැගෙනහිර පළාත තුළ ස්ථාපනය කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තාය.

Read More

ශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියන කතාව හරි

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා 15 පස්වරුවේ හම්බන්තොට රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.

Read More

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5ත් අතර (මෙය ගොඩබිමට එන රළ උසනොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංවාරයක් සඳහා එළැඹෙන 23දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් ඊයේ (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මේ වනවිට ජර්මනිය තුළ එන්නත් මාත්‍රාවන් 3,967,246ක් ලබා දී ඇති බවත්, මෙම එන්නත්කරණයද මෙසේ ආසාදන අඩුවීමට හේතුවක් බවත් සඳහන් වෙයි.

Read More

අද (16) සිට බන්ධනාගාර නිලධාරීන්ට ද කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දකුණු කොරියාව විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත පෙබරවාරි 26දා සිට හෙද රෝහල් සේවකයන් සහ වයස අවුරුදු 65ට අඩු 272,000 කට පමණ ලබා දෙන බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ආයතනය පවසයි.

Read More

චීනය විසින් සපයන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි පළමු කාණ්ඩය ඊයේ (15දා) උදෑසන සිම්බාබ්වේ අගනුවර හරාරේ වෙත පැමිණි තිබේ.

Read More

ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමග එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් වැසියන් මිලියන 2 කට ආසන්න පිරිසකට සඳුදා සිට දින තුනක අගුලු දැමීමක් අගමැතිනිය විසින් නියෝග කළ අතර, පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමට බල කෙරුණි.

Read More

WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැහැදිලි කළේ මෙම එන්නතෙහි අනුවාදකයන් දෙකම, එනම් ඇස්ට්‍රාසෙනෙකා -එස්කේබයෝ සහ ඉන්දියාවේ සේරම් ආයතනය යන නිෂ්පාදකයන් දෙදෙනා විසින්ම නිපදවන එන්නත, එකම ඇස්ට්‍රාසෙනෙකා එන්නත බවයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව සිටි කාලයේදී ගෝරිල්ලන් සමහර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණේ, මෘදු කැස්ස, නාසය සිරවීම, හොටු දියර ගැලීම සහ වරින් වර උදාසීන වීම ආදී වශයෙනි.

Read More

කොවිඩ්-19 සම්භවය සොයා ගැනීමේ මෙහෙයුම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් මෙන්ම, එය ස්වාධීන අධ්‍යයනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,091ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ 818 වේයන්ගල්ල නැගෙනහිර හා 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා බවින් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි.

Read More

දංකොටුව මැල්ලව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඉන්දියන් ජාතික සේවකයින් තිදෙනෙකු ඇතුළු 44 දෙනෙකු ( 15 ) දින කොරෝනා ආසාදිත වි ඇති බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.