saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 7617 hours ago

LATEST

කොන්සියුලර් අංශයේ සේවා සීමා කරයි

calendar_today 2021 අප්‍රේ 28 - 21:25 remove_red_eye - 322  

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ලබාදෙන සේවා කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) දිනයේ තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය සීමා කර ඇති, රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස බහාලුම් 03 බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු ආදායම් අධීක්ෂණය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර තබා ගැනීම වැදගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

මාතර පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු එම පරීක්ෂණයේදී වරදකරු බවට පත්ව තිබේ.

Read More

ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනිඅවි 816 ක් සහ ජීව උණ්ඩ 2020,935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මැයි මස 21 දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දින නියම කළේය.

Read More

කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද (28) දිනයේ හදුනා ගෙන තිබේ.

Read More
227කට සුවයි
28 04 2021 17:41:00
0 142

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 227 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් ඇත.

Read More

රට තුළ පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතාව සඳහා හිඟයකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5 කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම සහතික වී ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනක් මෙරටින් වාර්තා වූ අතර එම ගණන 1111ක්. ඒ අතරින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගණන 200කි.

Read More

ඇල්ල නගරයේ සංචාරක හෝටලයක සහ කිතල් ඇල්ල හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී කෝවිඩ් 19 ආසාදිත වූ මනාල යුවලක් සමඟ 8 දෙනෙකු අද (28දා) හඳුනාගත් බව ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. සාගර නන්දික මහතා පවසයි .

Read More

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ පුහුණු සැසියකදී දැල තුළ පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති විශ්වවිද්‍යාල එළැඹෙන මැයි මස 10 දා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ එකම පවුල් කීපයක කෝවිඩ් ආසාධිතයින් 12 දෙනෙකු 28 දින හමුවු බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පැවසිය .

Read More

බන්ධනාගාර නිලධාරින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම හෙට සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

Read More

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානය බැතිමැතුන් සදහා වැදපුදා ගැනිම අද (28) සිට නැවැත දැනුම් දෙන තුරු තාවකාලික වසා දැමිමට කටයුතු කල බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි.

Read More

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද (28) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

Read More

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

Read More

ජනාධිපති සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජුලි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

Read More

යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවැත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සභාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂි් දෙවන මාත්‍රාව අද සිට සෞඛ්‍ය සේවකයින්ට ලබාදිමට තිරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාරිය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

නිසි මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පුරුදු පවත්වමින්, තමනුත්, තම වටපිටාවේ සිටින අයවත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසෙන්නේ නම්, වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් මේ දිනවල විඳින ඒ දැඩි වෙහෙසකරබව හා ආතතිය දුරු කිරීමට ඔබද දායක වූ බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Read More

දිවයින පුරා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයේ නව රැල්ලට එරෙහි සටනේදී චීනයේ ඖෂධ කර්මාන්තය ඉන්දියාවට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටින බවත්, ඉන්දියාව අවම වශයෙන් ඔක්සිජන් උත්පාදක ඒකක 25,000ක් චීනයෙන් ඇනවුම් කර ඇති බවත් චීනය පවසයි.

Read More

IPL තරගවලට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියානු IPL තරුවලට එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ, ආපසු සිය රටට යාමට තමන්ගේම විධිවිධාන යොදාගන්නා ලෙසය.

Read More
අද කාලගුණය
28 04 2021 08:00:00
0 221

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ අද (28) දිනයේ තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More

පාකිස්තානය තුළ ජනතාව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දක්වන දුර්වල අනුකූලතාව හේතුවෙන් එම මාර්ගෝපදේශ බලාත්මක කිරීමට පොලීසියට සහායවීම සඳහා හමුදා යෙදවිමට යයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාව අමතමින් කියා සිටියේ, රටේ දුප්පතුන්ගේ ජීවනෝපායන් සුරැකීම සඳහා සම්පූර්ණ අගුලු දැමීම් වළක්වා ගැනීමට තමාට අවශ්‍ය නමුත්, ඔහුට වෙනත් විකල්පයක් නොමැති විය හැකි බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.