saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 7620 hours ago

LATEST

ඉන්දීය අසල්වැසි නේපාලයේ කොවිඩ් ආසාදන වැඩිවෙලා

calendar_today 2021 අප්‍රේ 28 - 07:35 remove_red_eye - 527  

නේපාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අසල්වැසි ඉන්දියාව වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ කඩා වැටෙමින් පවතින වාතාවරණයක, කොවිඩ්-19 ආසාදිතයන්ගේද ශීඝ්‍ර වැඩිවීමකට නේපාලයද මුහුණ දී සිටින බවයි. එහිදී ලුම්බිනි පළාතේ මායිම් නගරය වන නේපාලගුන්ජ් කොවිඩ්-19 උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.

සැබෑ තත්ත්වය සැලකීමේදී ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව 13,000කට වඩා වැඩි විය හැකි බවත්, එය වර්තමාන දෛනික නිල මරණ සංඛ්‍යාව මෙන් හතර ගුණයකටත් වඩා වැඩි බවත් නවදිල්ලියේ රෝග ගතික, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාමනන් ලක්ෂ්මනාරායන් පවසයි.

Read More

ඒ අනුව වැල්ලවාය නගර සභා සීමාව, කොටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම බුත්තල රහතනම්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, උහන ප්‍රදෙශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මාතලේ ප්‍රදේශයේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය මෙසේ අද පෙරවරු 6.00 සිට හුදෙකලා කර තිබේ.

Read More

ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිත අගයන් මෙන්ම, මරණ සංඛ්‍යාවද මීට වඩා වැඩිවිය හැකි බවට එරට මෙන්ම විදේශයන්හිද බොහෝ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ආසාදන හා මරණ සත්‍ය අගයන් වාර්තා නොවන බව පවසමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 148,323,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 655ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන වැඩම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අද (27දා) වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1096ක් වාර්තා වන අතර එක් දිනකදි කොවිඩ් ආාදිතයන් 1000 සීමාව ඉක්වමා වාර්තා වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

Read More

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මෙරටින් දෛනික ආසාදිතයින් ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ.

Read More

පවුල් ආරාවුලක් දුරදිගයාමෙන් ඉතාලියේ බ්‍රේෂියා නගරයේ ජීවත් වූ ලාංකික කාන්තාවක් ඇයගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර ඇතැයි බ්‍රේෂීයා පොලීසිය පවසයි.

Read More

චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද (27දා) පැවැති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වෙමින් මේ බව පැවැසීය.

Read More

ජැමෙයිකාවේ සිට පෞද්ගලික ත්‍යාග පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික පාර්සල් බෙදාහැරීම සිදු කරන ආයතනයක් වෙත ලැබී තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදදින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 147ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) ගෙවුණු පැය 24 කාලය වන විට 8826ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා රෝගීන් ඇතුලත් කිරීම වැඩිවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙන 14 බී වාට්ටුවෙහි සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැයි මස 9 වනදා පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ශ්‍රේණි විභාගය අවලංගු කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 279 දෙනෙකු අද (27) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පාස්කු ප‍්‍රහාර සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අද (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

වැල්ලවාය සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් කොවිඩ් 19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා වැල්ලවාය, ඇතිලිවැව සහ වෙහෙරයාය නගර සීමාවන් සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රහතන්ගම ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශ බවට පත්කිරීමට අද (27) මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන ආරක්ෂණ කමිටුව තීරණයකර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට්යේදී ලියාපදිංචි වී සිටි ලාංකිකයන් ගණන 9000ක් බවද තානාපති කාර්යාලය පැවැසීය.

Read More

මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොවිඩ් 19 ආසාදිත පාසල් සිසුන් 13 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසුරිය මහත්මිය පැවසුවාය.

Read More

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබෙනවා.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දැනට දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිත රැඳවියන් 260 දෙනෙකු හදුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

Read More

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

Read More

සමස්ත මුහුණම ආවරණය වන පරිදි පළදින බුර්කාව ඇතුළු ඒ හා සමාන දෑ භාවිත කිරිම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මරදාන ඩී. ආර්. විජයවර්ධන මාවතේ සැපයුම් කොට්ඨාසය ගබඩා පාලක ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එම ගබඩාවේ නිදන ඇඳක් මත ඊයේ (26) හිටිහැටියේ මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.