බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 36කට කොවිඩ්
බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව බුස්ස බන්ධනාගාරය පවසයි.
ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලබන රැදවියන් දින 14 ක කාලයකට නිරෝධායනය කිරිම සදහා බුස්ස බන්ධනාගාරයට රැගෙන එනු ලබති. එසේ රැගෙන එන නවක රැදවියන් බුස්ස බන්ධනාගාරයේ වාට්ටුවල නිරෝධායනය කොට යලි අදාල බන්ධනාගාරවලට යොමු කරති.
බන්ධනාගාරයට නිරෝධායනය විම සදහා රැගෙන එනු ලැබු රැදවියන් 98 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියදි පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 36 දෙනෙකුට ඊයේ (16) දින කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද බුස්ස බන්ධනාගාරය පවසයි.
බුස්ස බන්ධනාගාරය තුල නවක රැදවියන් නිරෝධායනය කිරිම සදහා වාට්ටු 38ක් තිබෙන අතර කොවිඩ් ආසාදිත රැදවියන් 36 දෙනා යාපනය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතුකර ඇති බවද බුස්ස බන්ධනාගාරය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
