saravita-anim2

2025 ජුලි මස 22 වන අඟහරුවාදා

2025 ජුලි මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 7060 hours ago

LATEST

ඉන්දියාවේ BJP ආණ්ඩුවක් ශ්‍රී ලංකාවටත් ගෙන එන්න සැලසුමක් තිබූ බව කියයි

calendar_today 2021 පෙබ 15 - 15:23 remove_red_eye - 1233  

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සැලසුම් කර තිබූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ යැයි ත්‍රිපුරු මහ ඇමති බිප්ලබ් ඩෙබ් විසින් අනාවරණයක් සිදුකරයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් එක්ව ගොනු කළ රිට් පෙත්සමට අදාලව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට (15දා) නොතීසි නිකුත් කෙරිණි.

Read More

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

Read More

අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන් 27 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.

Read More

කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබූ මන්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මන්ද කාඩාගෙන අද රක්ෂිතයට පළාගොස් ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

පොලොන්නරුව, ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ හෙද නිලධාරියකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයකුට පිරිසක් පහරදිම නිසා එහි සියළුම කාර්ය මණ්ඩලය අද (15) පෙරවරුවේ සිට සියලු රාජකාරීවලින් ඉවත්ව සිටින බව ජයන්තිපුර රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

Read More

දකුණු පළාතෙන් (14) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 61 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3564ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1828ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1332ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 404ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය යටතේ පාලනය වන ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ්, වටවල , හැටන් යන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (14) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

2021 වසරේ 1 ශ්‍රේණිය නව පංති ආරම්භ වූ අද (15දා) න සිය මව ,මිත්තනිය සමඟ පාසල් යමින් සිටි 6 හැවිරිදි පාසල් සිසුවෙකු හා මිත්තනිය ලොරියකට යටවීමෙන් සිදුවූ අනතුරකින් සිසුවා මිය ගොස් මිත්තනිය බරපතල තුවාල ලබා තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචි සිටි බදුල්ල සරස්වති කනිෂ්ඨ විදුහලේ මෙවර පළමු වසර ට ඇතුලත් වීමට පැමිණි වරුන් ප්‍රදීප් (6) නැමති නිවුන් සිසුවෙකි. මෙම සිගිති නිවුන් සිසුවා තම සොහෝදරයා වැඩිමහල් සහෝදරිය ,මව,මිත්තනිය සමඟ 1 ශ්‍රේණිය පාසල්

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පොලීස් නිලධාරින් 142 දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගෝලීය එන්නත් ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත් තරම් පුද්ගලයින් එන්නත් කිරීම සඳහා ඉතිහාසයේ වෙනත් කිසිදු එන්නතකට වඩා ලොවට දැන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව අවශ්‍ය බව ලැන්සෙට් හි පළ වූ වාර්තාව පවසයි.

Read More

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින් චීනය මෙම අදහස් පළ කර තිබේ.

Read More

මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,118 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමේදී මුඛ ආවරණ පැලඳීම සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවරයන්හි අවශ්‍යතාව පෙන්වා දෙමින් එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.

Read More

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 75 ට වැඩි අය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබාදීම සඳහා මූලිකවම සුදුසුකම් ලබා සිටියි.

Read More
අද කාලගුණය
15 02 2021 08:11:00
0 215

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (15) දිනයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

Read More

මෙ​ම සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන,කටක,සිංහ, ධනු,මකර,කුම්භ,මීන වැනි ලග්නයන්ය.

Read More

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඔහු ජනපති ධුරය දැරූ කාලයේ වරින් වර ඉල්ලා අස්වන ආකාරය දැකගත හැකි වූ අතර, බලයට පත් නව ජනපති බයිඩන්ගේ කාර්ය මණ්ඩල සගයෙකු ලෙස මෙසේ මුලින්ම ඉල්ලා අස්ව තිබුණේ, ටී.ජේ. ඩක්ලෝ ය.

Read More

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා කියා සිටියේ මෙම පරිත්‍යාගය සිම්බාබ්වේ සහ චීනයේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවට සාක්ෂියක් බවයි.

Read More

දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග නවසීලන්තය මෙවැනි හදිසි පියවරක් ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,087ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් (සීසන් එකක්) ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (14) පස්වරුවේදී අම්බලන්ගොඩදී පැවසීය.

Read More

නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.