saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7156 hours ago

LATEST

විදෙස්ගත ලාංකිකයින් 886 දෙනෙකු දිවයිනට

calendar_today 2021 මාර් 25 - 11:00 remove_red_eye - 228  

මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,577 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ,කිලෝ ග්‍රෑම් 398,000 ක ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනයට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝර්ට්, හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්,වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්, දික්වැල්ල විලා ජයනන්ද,මීගමුව කැටමරාන්,අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතන මේ විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගෙන ඇත.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළ සිරුරක් අද (25දා) සොයගත් බව තලවකැලේ පොලීසිය පැවසීය.

Read More

කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ (24දා) ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 14 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් අතර පාසල් ළමුන් 09 දෙනෙකු සිටින බවත් කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාඝවන් මහතා පැවසිය.

Read More

අගරදගුරු පදවි, කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

වැල්ලම්පිටිය ප්‍රදේශයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29ක් සහ රුපියල් අට ලක්ෂ 80,000ක මුදලක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ රට පශ්චාත් කොවිඩ්-19 ආර්ථික ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ එන්නත් ලබාගැනීමට සිම්බාබ්වේ වැසියන් දිරිමත් කිරීම බව ජනාධිපති එමර්සන් පවසා සිටියේය.

Read More

සායනිත තත්ත්වයන් තුළ පමණක් නොව සැබෑ ලෝකයේදීද කොවිඩ්-19 වැළැක්වීම සඳහා එන්නත් ඵලදායී බව තවත් නව පර්යේෂණවලින් පෙනී යන බව එක්සත් ජනපදයේ ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.

Read More

රුධිර කැටි ගැසීමේ බිය නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම තාවකාලිකව නවතා තිබූ ෆින්ලන්තය සහ අයිස්ලන්තය තම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් එන්නත් ලබාදීම අරඹා ඇති බව නිවේදනය කරයි.

Read More

මේ අතර චීනය විසින් උස්බෙකිස්තානයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියනයක් මාර්තු 27දා ලබාදෙන බව එරට රජය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More
අද කාලගුණය
25 03 2021 08:10:00
0 202

අද (25) දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජිනීවා යෝජනාව සම්මත වූ පමණිනින් ලංකාවට කිසිවක් නොවන බව මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

Read More

’’වඩාත් පොදු රුධිර කැටි ගැසීමේ ආබාධ හෝ ත්‍රොම්බොටික් සංකූලතා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත අතර කිසිදු සම්බන්ධයක් නියත වශයෙන්ම නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති දෙය නම්, මෙම එන්නතෙහි ප්‍රතිලාභ පැහැදිලිවම අවදානම් ඉක්මවා යන බවයි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අවධාරණය කරයි.

Read More

උතුරු කොරියාව පසුගියදා කෙටිදුර මිසයිල අත්හදා බැලීමකින් පසුව මෙම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, ඒවා කෙටි, මධ්‍යම හෝ දිගු දුර අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) දැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බව එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එක්සත් ජනපදය තුළ තහවුරු කරන ලද කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 545,000ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 124,680,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය.

Read More

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 121ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 118ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 03ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි.

Read More

2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුලු අලෙවිය සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමුවූ අතර මෙහිදී අනාවරණය වූයේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවිකළ මෙම ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජවැලි ගබඩා කිරීමට ඉඩපහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවයි.

Read More

අද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඩුබායි හි මිය ගිය බවට සඳහන් කරමින් වෙනත් නමකින් මෙරටට එවා තිබූ මළ සිරුර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෙසෙල් වත්ත දිනුක ගේ බවට ඩී. එන්. ඒ. පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

Read More

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Read More

ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනමින් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Read More

ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන අතර එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රකාශ කළහ.

Read More

ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.

Read More

යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාට සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටත් යාපනය පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

අද(24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 132ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.