saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7152 hours ago

LATEST

බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උ.කොරියාව පිළිගනී

calendar_today 2021 මාර් 26 - 07:50 remove_red_eye - 292  

මෙය වසරක පමණ නිහැඬියාවකින් පසුව ප්‍රථම වරට උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් යළි සිදුකළ අවස්ථාවක් යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව ගැන අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන තානාපති ෂැං මින්ග් සඳහන් කළේ, ’’අපේ අවශ්‍යතාව දරිද්‍රතාව තුරන් කිරීම පමණයි. බිලියන 1.4ක් වන චීන ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. චීනය කිසිවකුගේ ප්‍රතිවාදියා වීමට කාලය හා ශක්තිය හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ.’’ යනුවෙනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

Read More

ඉන්දියානු රජය නව කොවිඩ්-19 ආසාදන රැල්ලක් සමග කරන සටන මෙම ප්‍රමාද වීමට හේතුව ලෙස දක්වයි. ඉන්දියාවේ දෙවැනි රැල්ලක බිය උපදවන අවස්ථාවන්හි ඉහළ යාමක් රට තුළ පවතින අතරතුර, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් සොයාගත් බව නිවේදනය කළේය.

Read More

ෆයිසර් පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් 2,259ක් සඳහා එහි එන්නත සායනික පර්යේෂණයට යොමුකර ඇති අතර, ඉතා ඉක්මනින් ආරක්ෂාව සහ කාර්යක්ෂමතා දත්ත බෙදා ගැනීමට සැලසුම් කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 125,390,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.

Read More

බස්නාහිර පළාතේ පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොකළ ශ්‍රේණි ලබන 29 වනදා සිට විවෘත කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 557ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තංගල්ල - විරකැටිය ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනිමත් සමඟ එම ප්‍රදේශයේ පාසල් 4ක් අද සහ හෙට දෙදින වසා දැමිමට සෞඛ්‍ය අංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නඩුව කැඳවූ අවස්ථාවේදී නියමකර තිබේ.

Read More

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ පාසල් ළමයින් පිරිසකට අද (25) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිසු සිසුවියන් 12 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතලත් කරනු ලැබූහ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු ගංජා සමඟ බොරැල්ල ටි 20 වත්ත ප්‍රදේශයේ දී ඊයේ (24) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි

Read More

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිසන් සභාව පියවරගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා සහ අනෙකුත් වාර්තා වල මුද්‍රිත පිටපත් භාෂාත්‍රයෙන්ම ලබා දීමේදී එක් එක් අමාත්‍යාංශය විසින් දැරිය යුතු අධික පිරිවැය සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.

Read More

පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ මාරක බස්රථ අනතුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නියෝගය මත අද (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනතුරට පත් බස් රථයේ රියදුරු හා ඒ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට පත්ව සිටි ටිපර් රථ රියදුරු අප්‍රේල් මස 01 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) පස්සර සංචාරක අධිකරණයේදී නියෝග කළේය.

Read More

වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හන්දිය ප්‍රදේශයේදි අද (25) සිදුවු රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇත.

Read More

එක්දහස් නවසිය අනූහතේ සිට පවතින තම වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව අද (25) පස්වරුවේ කුරුණෑගල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 251 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.

Read More

රුහුණුපුර අති වන්දනීය නගරය ලෙස දෙස් විදෙස් සියලු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිව් මහා නගරයන්ගෙන් එකක් වූ, හම්බන්තොට වාණිජ නගරයට සම්බන්ධ සහ බුත්තල නගරයට මැදි ව පිහිටි කතරගම පූජා භූමි නගර සංවර්ධන කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අද (25) ආරම්භ වීමට නියමිතය.

Read More

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වෙනත් කිසිදු රජයකින් ක්‍රියාත්මක නොවුණු වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

මොරන්තුඩුව දෙල්දූව ප්‍රදේශයේ දී අද (25) බස් රථයකට යට වීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව මොරොන්තුඩුව පොලීසිය කියයි.

Read More

කොළඹ නිදහස් චතුරඝ‍්‍රයේ පිහිටි ආකේඞ් වෙළඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඔඩෙල් පී.එල්.සී ආයතනයට බදු දී ඇත්තේ මසකට රුපියල් මිලියන 10කට බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය. එම පරිශ්‍රය වසර 10ක් සඳහා ඔඩෙල් සමාගම වෙත බදු දී තිබේ.

Read More

විදෙස් රටවල සිදුවන වන සංහාරයන් මෙරට සිදුවන බව හුවා දක්වමින් ව්‍යාජ ඡායාරූප සමාජය මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරි කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

දේශපාලන රැළියකදී හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තම කීර්තිනාමයට හානි සිදු වු බවත් ඒ සඳහා රුපියල් බිලියනක වන්දියක් ඉල්ලමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එන්තරවාසියක් යොමුකර තිබේ.

Read More

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයේදී ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.