මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 7823 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.
Read Moreසෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක නොමැති ප්‍රදේශවල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවා ඇත.
Read Moreඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය.
Read Moreයාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනය තුළත් කොවිඩ් අසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreමෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.
Read More“මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව. අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද .
Read Moreඑළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.
Read Moreරජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර විශ්ව විද්‍යාල (City University )ව්‍යාපෘතියේ ප්‍රථම විශ්ව විද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවලදී ආරම්භ කෙරේ.
Read Moreමේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreමෙරට ගොවි සංවිධාන සහ මාධ්‍ය ආයතන මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ පළමු සහල් ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම විෂයභාර අමාත්‍ය වරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 28 දින පැවසීය.
Read Moreඅවුරුදු උත්සව පැවැත්විම සම්බන්ධයෙන් එළෙඹන සතියේ අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreකොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු කොවිල නැවත විවෘත කිරිමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.
Read Moreබස්නාහිර පළාතේ ඊයේ (28) පෙ.ව 7 දිට පස්වරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පලතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 418 ඇතුළු සැකකරුවන් 1120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනකින් සැපයීමට යෝජනා කර ඇති බව කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreදීර්ඝ කාලීනව පැවැති අමනාපකම් හේතුවෙන් 38 හැවැරිදි බිරිඳ විසින් තම 40 හැවැරිදි තම ස්වාමිපුරුෂයාගේ ගෙල බෙඩ් ෂීටයකින් සිරකර ඝාතනය කර තිබේ.
Read More’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.’’ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට්විටර් පිණිවුඩයක් තබමින් කියයි.
Read Moreමොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreසබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreමෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්‍රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.
Read Moreමිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.
Read Moreපාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ. සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
Read Moreනෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.
Read Moreඑමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.
Read Moreකොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නැමට ගිය තරැණයන් දෙදෙනකු අද (28) දා පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
Read Moreපුද්ගලයකුගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී වෛරසය ඇති නැති බවට ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයේ ඉතා කාර්යක්ෂම කොවිඩ් පර්යේෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කොට තිබේ .
Read More