අප්‍රේල් 21 පාර්ලිමේන්තු අර්බුදය ගැන වාර්තාව ලබන සතියේ
2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට ඊයේ (28දා) රැස් වූ එම කමිටුව තීරණය කළේය.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව රැස් වූ බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.
අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
අප්‍රේල් 21 වැනිදා ඇති වූ ආකාරයේ අර්බුදකාරී වාතාවරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අප්‍රේල් 23දා මෙම කමිටුව පත් කරන ලදී.
ඒ අනුව මෙවැනි සිදුවීම් තුළින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදු විය හැකි අහිතකර තත්ත්වය දීර්ඝ වශයෙන් සළකා බැලූ කමිටුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ද සාකච්ජා කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාවක් ඉදිරියේදී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

