saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7607 hours ago

LATEST

අද කොවිඩ් ආසාදිතයන් 1801

calendar_today 2021 ජුනි 26 - 23:32 remove_red_eye - 143  

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1801ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 715ක් වාර්තා වීමත් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

Read More

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා පත්කොට තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26දා) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් පාලනය වන වතු 05කින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 31 දෙනකු අද දින හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම කොරෝනා මර්දන වැඩසටහන අද දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ශ්‍රී ලංකා යුධ හමුදා සෞඛ්‍ය බළකාය විසින් ක්‍රියාත්මක කරමින් , එක් දිනක් තුළ එක් ස්ථානයකදී ලබා දුන් වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය වන , එන්නත් මාත්‍රා 10,700 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් වෙත ලබා දුන් බව කටුනායක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

නීතිවිරෝධි ලෙස සිශෙල්ස් මුහුදු සිමාවට ඇතුළු වු ලාකික ධිවරයින් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී අත්පා ගැටගසන ලද පුද්ගල සිරුරක් හමුවී තිබේ.

Read More

මුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ගේ සැමරීම් සිදුවන වකවානුවේදී එරට සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් ෂරියා අපරාධ නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීලග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේ සම්පත් ඇප මත නිදහස් කර තිබේ.

Read More

මෙරට ඊයේ (25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් ගෙන් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ආසාදිතයින් 300යේ සීමාව ඉක්මවා වාර්තා වී තිබේ.

Read More

නියම කර ඇති මරණ දඩුවම, ජීවිතාන්ත සිරදඩුවම දක්වා ලිහිල් කරන ලෙසට බලකරමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

Read More

පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය කර තිබේ. ව්‍යාපාරිකයින්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් අය කරන දඩ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර සිටියි.

Read More

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේනතුවට පැමිණීමට නියමිත බවත් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාරය රංජිත් බණ්ඩාර මහතා ඉවත්වීමට නියමිත බවත් වාර්තා විය.

Read More

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත් වූ එම් එස් සී මෙසීනා නැමැති භාණ්ඩ ප්‍රවහන නෞකාව තුල හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබේ.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ලබාදීමට එකඟ වී තිබේ.

Read More

ඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්‍රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි හමුවූ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

ජුලි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි යුරෝපා සංගමයට අයත් රටවලට තැපැල් භාණ්ඩ යැවීමේදි ක්‍රියාත්ක කරනු ලබන බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට කසල තේ එක් කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් සහ බගවන්තලාව යන පොලිස් ස්ථානවල පරිසර ඒකක විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් සොයාගෙන තිබේ.

Read More

ධනවත් රටවල සමාජයන් විවෘත කර කොවිඩ්-19 වෛරසයේ විශාල අවදානමක් නොමැති තරුණ තරුණියන්ට පවා එන්නත් මාත්‍රා ලබාදෙද්දී, දුප්පත්ම රටවලට අතිශය ඛේදජනක ලෙස මාත්‍රාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති ගෝලීය අසාර්ථකත්වය, ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බස්නාහිර පළාතේ කොළඹ ,ගම්පහ ,සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි හදුනාගෙන ඇති අධිඅවදානම් කණ්ඩායම් 3ක් සඳහා කඩිනමින් එන්නත් ලබාදිමට මේ වන විට ක්‍රියා කළ ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

Read More

අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇ​ත. මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ කර ති​බේ

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගතවු පැය 24ක් තුළ ක්‍රියා කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජය විසින් නම් කළ තානාපතිවරුන් දෙදෙනෙක්, අමාත්‍යාංශ තුනක් සඳහා නම් කළ ලේකම්වරුන්ට සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.