කොවිඩ් රෝගියෙකු බලන්ගොඩ රෝහලින් පැන යයි
බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු අද (13) දා දහවල් රෝහලෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
කොස්හේන්ගම ,හේවාහින්න, අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි නන්දසිරි බෝවත්ත නැමැති 72 හැවිරිදි කෝවිඩි රෝගියෙකු මෙලෙස රෝහලෙන් පලා ගෙස් තිබේ.
ඔහු සබරගමු විශ්වවිද්‍යාලයයේ ඇති සිංහරාජ අතරමැදි කෝවිඩි රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.
පෙර දිනයේදී ඔහු සබරගමු විශ්වවිද්‍යාලයයේ ඇති එම සිංහරාජ කෝවිඩි රෝහල වෙත රැගෙන විත් තිබුණි.
සබරගමු විශ්වවිද්‍යාලයයේ ඇති සිංහරාජ අතරමැදි කෝවිඩි රෝහලේ ප්‍රතිකාර ලැබිමට තමන්ට නොහැකියැයි කැ කෝ ගසා නොසන්සුන් තත්ත්වය ඇති කර තිබෙන අතර පසුව ඔහු අද (13) පෙරවරුවේ බලංගොඩ මුලික රෝහල වෙත මාරු කර එවා තිබුණි. අවසන් වරට රතුපාට ඉරි සහිත ටි සර්ටි එකක් සහ දිග කලිසමක පැළඳ සිට තිබේ.
පසුව බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (13) දහවල් මෙලෙස රෝහලෙන් පැන පලාගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් බලංගොඩ මුලික රෝහල් පොලිසිය විසි බලංගොඩ පොලිසිය වෙත දැනුම් දිමක් කර ඇති අතර එම කෝවිඩි රෝගියා සොයා පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබුණි.
රාස්සගල සමිපත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

